ඉන්දියාව පාස්පොට් එක වෙනස් කරයි

ඉන්දියාව විසින් මයික්‍රෝ චිප් එකකින් සමන්විත ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවරගෙන ඇත.

ඒ අනුව මෙම නව විදේශ ගමන් බලපත්‍රයේ ඇති මයික්‍රෝ චිප් එක් තුල ජෛවමිතික දත්ත ඇතුලත් කිරීමට නියමිත අතර එමගින් වඩා ආරක්ෂිතව ජාත්‍යන්ත ගමන් වල නිරත වීමට අවස්ථාව හිමිකර දීම අරමුණ වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන අන්දමට මෙම නව විදේශ ගමන් බලපත්‍රය නුදුරේදීම නිකුත් කිරීමට නියමිතය.


අදාල විදේශ ගමන් බලපත්‍ර ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව නිකුත් කිරීමට නියමිත බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය පවසන අන්දමට මේවන විට ලොවපුරා රාජ්‍යන් සියයකට අධික සංඛ්‍යාවක් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය මේවන විටත් ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබයි.

කෙසේ වෙතත් ලොව ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලප්‍රයන් 1998 වර්ෂයේදී මැලේසියාව විසින් නිකුත් කරනු ලැබී අතර ඒවන විට ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය ඊට අදාල නිර්ණායක හඳුනාවා දී නොතිබිණි.

ඒ අනුව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නිර්නායකයන්ට අනුකූලව බෙල්ජියම විසින් ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරනු ලැබීය.

කෙසේ වෙතත් දකුණු ආසියාවේ ප්‍රථමයෙන්ම මෙම විදේශ ගමන් බලපත්‍ර 2020 වර්ෂයේදී බංගලාදේශය විසින් නිකුත් කරනු ලැබීය.

මෙම නව විදේශ ගමන් බලපත්‍ර මගින් ඉතා කාර්යක්ෂමව ආගමන විගමන කටයුතු ඉතාම පහසුවෙන් සිදුකිරීමටත් ගුවන් තොටුපොලවල ඇති තදබදය අවම කිරීමටද හැකියාව පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර මගින් ව්‍යාජ තොරතුර ඇතුලත් කරමින් විදේස් ගතවීම් වැලැක්වීමටද හැකියාව ලැබෙන අතර එමගින් වඩාත් ආරක්ෂාකාරීව ජාත්‍යන්තර සංචරණයට ඉඩසැලසෙනු ඇත.

Exit mobile version