ඉන්දියාව තුළ ‘ඇපල්’ ශාඛා දෙකක්

පසුගිය මාසයේදී ඉන්දියාවේ සංචාරයක නියැලුණු ඇපල් විධායක නිළධාරී ටිම් කුක්, දිල්ලියේ හා මුම්බායේ ඇපල් ජංගම දුරකථන ශාඛා දෙකක් භෞතික වශයෙන් ස්ථාපනය කිරීමට කටයුතු කළ බව ‘සීඑන්එන් බිස්නස්’ පුවත් සේවය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ ගණනය කිරීම් අනුව ඉන්දියාව, චීනය අභිබවා ලොව ජනාකීර්ණම රාජ්‍යය බවට පත්වෙනු ඇතැයි ද, ගෝලීය ආර්ථිකයේ සොඳුරිය ලෙස සිය ප්‍රතිරූපය තහවුරු කර ගන්නා බව ද සීඑන්එන් වාර්තා කර ඇත. මේ හේතු නිසා මුම්බායි හි වාණිජ අගනුවර පළමු ඇපල් වෙළෙඳසැල පිහිටුවීමට ඇපල් සමාගම තීරණය කර තිබේ.

ගෙවුණු මාස කිහිපය තුළදී එක්සත් ජනපදය හා ඉන්දියාව සිය බැඳීම ශක්තිමත් කර ගැනීම සඳහා පියවර ගනිමින් සිටි අතර ආරක්ෂාව හා තාක්ෂණය කෙරෙහි ඔවුන් වැඩි අවධානයක් යොමු කර තිබිණි.


පෙබරවාරි මාසයේදී, ඇමරිකානු ගුවන්යානා නිර්මාපකයන්ගේ තුන්වෙනි විශාලතම අලෙවිය සටහන් කරමින් එයාර් ඉන්දියා විසින් බෝයිං ගුවන් යානා 200ක් මිලදී ගන්නා ලදී. එය ‘එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ ආර්ථික සම්බන්ධයේ ශක්තිය’ බව මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාවේ දුරකථන නිෂ්පාදනය ද ඉහළ මට්ටමකට පැමිණ ඇති මොහොතක, ඇපල් නිෂ්පාදනයන් ද රට තුළ සිදු කෙරෙන අවස්ථාවක ඇපල් ශාඛා දෙකක් ඉන්දියාව තුළ පිහිටුවීම ද දෙරට අතර ආර්ථික ශක්තිමත් බව පෙන්නුම් කරන්නක් බව සීඑන්එන් වැඩිදුරටත් වාර්තා කර ඇත.

Exit mobile version