ඉන්දියාව කාන්තා ව්‍යවසායකයින්ට හිතකරයි

කාන්තාවක් ලෙස ඉන්දියාවේ නව ව්‍යාපාරයක් ආරම්භයක් කිරීම සහ මෙහෙයවීම විවිධ අභියෝග මතු කළද ඒවා ජයගත නොහැකි අභියෝග නොවන බවත් ප්‍රකට ඉන්දීය ව්‍යවසායකාවක් වන ක්‍රිස්ටින් කගෙට්සු පසුගියදා නිකේස් ෆියුචර් ඔෆ් ඒෂියා සංවාදයට එක් වෙමින් පැවසුවාය.

කාගෙට්සු යනු ඉන්දියාව පුරා කාන්තා සෞඛ්‍යය පිළිබඳ දැනුම සමඟින් කොම්පෝස්ට් කළ හැකි සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කර බෙදා හරින ගුජරාට් පදනම් කරගත් සාති හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වේ.
කාන්තාවන්ට නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අරමුදල් ලබා ගැනීම සහ සුරක්ෂිත කිරීම එක් බාධකයක් බව ඇය පැවසුවාය. “ඔබට දකින්න පුළුවන් බොහෝ වෙලාවට පිරිමින් සිය ව්‍යාපාර අදහස ඉදිරිපත් කරන අවස්ථාවේදීම ඔවුන්ට අවශ්‍ය අරමුදල් සෙයා ගැනීමට සමත් වෙනවා.” යනුවෙන් ඇය සංවාදයට පැමිණ සිටි පිරිස වෙත පැසවුවාය.
එහිදී ඇය මෙලෙස කාන්තාවන්ට අරමුදල් සෙයා ගැනීමට නොහැකිවීමට හේතුව ලෙස ඇය පෙන්වා දුන්නේ, “තවමත් ඉන්දියාවේ සිටින බොහෝමයක් කාන්තාවන් මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ගතානුගතිකවයි. ඒ නිසා ඔවුන් තම අයවැය ගතානුගතික සහ වඩා යථාර්ථවාදී ප්‍රවේශයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. සරලව කියනවා නම් ඉතා අඩු මුදලක් තමයි ඔවුන් කියන්නේ. නමුත් පිරිමින් ඊට වඩා වෙනස් විදිහටයි කටයුතු කරන්නේ. ඔවුන් විවිධ දෙවල් ඇතැම් විට අතිශොක්තියෙන් පවසනවා එවිට ඔවුන්ට පහසුවෙන් අරමුදල් සෙයාගන්න හැකියව ලැබෙනවා.” යනුවෙනි.

සාම්ප්‍රදායික මහා පරිමාණයෙන් නිපදවන කාන්තා සනීපාරක්ෂක තුවා මෙන් නොව, කගෙට්සු නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා නොකරයි. ඒ අනුව ඇයගේ නිෂ්පාදන දේශීය ගොවීන්ගේ කෙසෙල් සහ උණ කෙඳි වලින් සාදා ඇති අතර, අඩු වරප්‍රසාද ලත් කාන්තාවන් මෙම තුවා නිෂ්පාදනය කරන කර්මාන්තශාලා වල සේවය කෙරේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙම ව්‍යාපාරය ඉන්දීය කාන්තාවන් ශක්තිමත් කරන නූතන පරිසර හිතකාමී ව්‍යාපාර මොඩලයක් ලෙස ක්‍රියාකරයි. එය ඉන්දීය කාන්තාවන් නව ව්‍යාපාර වෙත පිවිසීමටද විශාල වශයෙන් දිරි ගැන්වීමක් කරයි.

Exit mobile version