ඉන්දියාව කාන්තාවන්ගෙන් වැඩ ගන්නා හැටි අගමැති මෝදි ලෝකයට කියයි

PM Modi

කාන්තාවන්ගේ සංවර්ධනය කිරීමේ සිට කාන්තාවන් මූලික කර ගත් රටේ සංවර්ධනයක් වෙනුවෙන් ඉන්දියාව කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා පැවති ජී7 සමුළුව අමතමින් ප්‍රකාශ කර තිබේ. ජී 7 සමුළුවේ ‘එක්ව ශක්තිමත් වෙමු’ සැසියේදී, ආහාර සුරක්ෂිතතාවය හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉහළ නැංවීම යන මාතෘකාව යටතේ අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කොවිඩ් 19 වසංගත සමයේදී මිලියන 6කට වැඩි කාන්තාවන් ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පෙරමුණ අරගෙන වැඩ කළා. විද්‍යාඥවරියන් එන්නත් හා පරීක්ෂණ උපකරණ නිර්මාණය කරන්න වෙහෙස වුණා. අපි ‘ආශා වර්කර්ස්’ විදියට හඳුන්වන කාන්තාවන් මිලියනකට වැඩි සංඛ්‍යාවක් ග්‍රාමීය සෞඛ්‍යය ගොඩ නංවන්න ස්වෙච්ඡාවෙන් සේවය කළා.. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ආශා වර්කර්ස්ලව 2022 ගෝලීය නායක සම්මාන උළලේදී අගය කළා..” අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී පැවසීය. ලබන වසරේ පැවැත්වෙන ජී20 සමුළුවට ද ඉන්දියාව සහභාගී වීමට නියමිත අතර ජී 7 රටවල්වලට බලපා ඇති පශ්චාත් කොවිඩ් අර්බුදයන් ගැන ද මෙහිදී අදහස් පලවිණි.

Exit mobile version