ඉන්දියාව ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව සමඟ කතාවක

flags

ඉන්දියාව පසුගියදා ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව සමඟ කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම උදෙසා විශේෂ ත්‍රෙපාර්ශවීය සාකච්ඡාවක් පැවැත්විය.

එම සාකච්ඡාව ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝක් නගරයේදී පැවැත්වූ අතර එහිදී ඉන්දු පැසිපික් කළාපය තුල ශක්තිමත්ව කටයුතු කිරීම ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ලැබීය.

මෙම සාකච්ඡාවට ඉන්දියාව නියෝජනය කරමින් එරට විදේශ අමාත්‍ය එස් ජයසංකර් එක්විය. සාකච්ඡාව සම්බන්ධයෙන් විශේෂ ට්විටර් සටහනක් තබමින් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ‟ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සමග එක්ව මෙම සාකච්ඡාව පැවැත්වීමට හැකි වීම සම්බන්ධයනේ මම අතිශය සතුටට පත්වෙනවා. එහිදී සමුද්‍රීය අභියෝග, නව ආර්ථික ප්‍රවනතා, වඩා පරිසර හිතකාමී බලශක්ති භාවිතා කිරීම පිළිබඳවද සියලුම පාර්ශවයන්ගේ අවධානය යොමු වුනා.” යනුවෙනි.


එම සාකච්ඡාවට අතිරේකව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ස්පාඤ්ඤයේ විදේශ අමාත්‍යවරයා සමඟද ෆින්ලන්තයේ විදේශ අමාත්‍යවරයා සමඟද සාකච්ඡාවක් පවත්වා තිබිණි. එහිද නායකයින් විසින් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණි.

ස්පාඤ්ඤ විදේශ අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යරයා ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ, ‟ ස්පාඤ්ඤ විදේශ අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාව ඉතාම සාර්ථක සාකච්ඡාවක් බවට පත්වුනා. එහිදී දෙරටටම වැදගත් කරුණු රැසක් සාකච්ඡා කළා. ස්පාඤ්ඤය ඉන්දායාවට ඉතාම මිත්‍රශීලී රටක්ව අපි ඒ මිත්‍ර බවට ඉදිරියටත් ඒ විදිහටම පවත්වාගෙන යන්න බලා පොරොත්තු වෙනවා. ” යනුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාව මේවන විට කාලපය තුල සිය ශක්තිය වර්ධනය කර ගැනීමටත් කළාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමටත් කටයුතු කරමින් සිටීයි. එහිදී සිය අසල් වැසි රාජ්‍යන්ට අවශ්‍ය සහය ලබාදීමට අඛණ්ඩව කටයුතු කළ අතර දැඩි ආර්ථික අර්බුදයකට මැදිව සිටින ශ්‍රී ලංකාවේ සහයට පැමිණීම විශේෂයෙන් සඳහන් කළයුතුය.

Exit mobile version