ඉන්දියාවේ සිට මන්නාරමට බෝට්ටුවකින් පැන ආ සරණාගතයෙක් අත්අඩංගුවට……

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ රාමේස්වරමේ සිට බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමට පැමිණි දෙමළ සරණාගතයෙකු ආරක්ෂක අංශ විසින් 3 දා අත් අඩංගුවට ගෙන නිරෝධායන මධ්‍යස්ථනයක් වෙත බාර දී තිබේ.

1990 වසරේ යාපනයේ කීරමලේ සිට ඉන්දියාවට පළා ගිය මේ වැසියා  මන්නාරමේ බෝට්ටුකරුවකුට රුපියල්  50000 ක මුදලක් ගෙවා මන්නාරමට පැමිණ ඇත්තේ 2 දා රාත්‍රියේය.

මන්නාරමේ සිට යාපනයේ කීරමලේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ නැගෙණියගේ නිවසට යාම සඳහා ඔහු රුපියල් 8000 ක මුදලක් ගෙවා ත්‍රී රෝද රථයක් කුළියට ගෙන තිබේ.


ජෙගනාදන් ජෙනන් නැමති 43 හැවිරිදි මෙම පුද්ගලයා කීරමලේදී අත් අඩංගුවට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට  ඇත්තේ යාපනය මල්ලාකම් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුට නීති මගින් කටයුතු කිරීමටද පියවර ගෙන ඇති අතර ඔහුට ඉන්දියාවේ සිට පැමිණීමට උදව් කළ බෝට්ටු කරුටද නීති මගින් කටයුතු කිරීමට යාපනයේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

Exit mobile version