ඉන්දියාවේ නිදහස් දින පරිත්‍යාගයක් ලෙස කොවිෂීල්ඩ් පළමු එන්නත් තොගය ලංකාවට

නතාෂා නෙත්මිණි    

ඉන්දියාවේ නිදහස් දිනය වෙනුවෙන් පරිත්‍යාගයක් ලෙස “කොවිෂීල්ඩ්”  (Covishield)  නාමය යටතේ  කොවිඩ් මර්දන එන්නත මෙරටට ඉදිරි සතියේදී ලැබීමට නියමිත බව ජාතික ඖෂධ අධිකාරියේ විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කරයි‍.

ඉන්දියාවේ දැනට භාවිත කරන “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා” (oxford astrazeneca) එන්නත ලංකාවට ඇනවුම් කරනුයේ “කොවිෂීල්ඩ්” (Covishield)     නාමය යට‌තේ යැයි හෙතෙම සඳහන් කළේය‍.

එංගලන්තයේ ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලය හා ඇස්ට්‍රාසෙනිකා සමාගමේ තාක්ෂණික දැනුම ඉන්දියාවේ එන්නත් නිෂ්පාදිත සමාගමක් වන “සීරම් ඉන්ස්ටියුට්” ආයතනය වෙත ලබා දීමෙන් පසුව ඔවුන් විසින් “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා” නැමැති නාමය යටතේ මෙම එන්නත නිපදවා ඇත.


කොවිෂිල්ඩ් එන්නත රටතුළ හදිසි භාවිතය සඳහා රජයේ ඇනුමැතිය ලැබී ඇති හෙයින් එම එන්නත එවීමට කඩිනමින් කටයුතු කරන බව ඉන්දීය රජය දැනුම් දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරටට එවනු ලබන මුල්ම  එන්නත් තොගය සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

 

Exit mobile version