ඉන්දියාවේ කොවිඩ් ලංකාවේ ගුවන් ගමන්වලට වැට බඳී

ශ්‍රියානි විජේසිංහ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් 19 වසංගතය ඉන්දියාව තුළ දරුණුතම අන්දමින් පැතිර යාම හේතුවෙන් මගී කටයුතු සඳහා ගුවන්තොටුපල විවෘත කරන දින වකවානුව තවමත් නිශ්චිතව කිව නොහැකි යැයි ගුවන්තොටුපල කොවිඩ් මර්ධන ඒකකයේ සම්බන්ධිකාරක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.
මේ මොහොතේ දී මගී කටයුතු සඳහා ගුවන්ගමන් ආරම්භ කළහොත් අප රට තුළ කොවිඩ් 19 වෛරසය සීග්‍රයෙන් පැතිර යාම වලක්වා ගත නොහැකි යැයි හෙතෙමෙ පෙන්වාදේ.
විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයන් පමණක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන නමුත් සංචාර කටයුතු සඳහා කිසිදු විදේශිකයෙකුට මෙරටට පැමිණීමට ගුවන් ගමන් ක්‍රියාත්මක නොවනු ඇත.
මේ වන විට අප රටතුළ කොවිඩ් වෛරසය පැතිර නොයන නමුත් විදේශයන්හි සිට පැමිණෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් අතර කොවිඩ් වෛරසය පවතින බැවින් ඔවුන් සමාජගත කිරීමට පෙර නිරෝධායනයට ලක්කිරීම අනිවාර්යයෙන්ම සිදුකරයි.

Exit mobile version