ඉන්දියානුවන් අනවසරයෙන් ලංකාවට ඇතුළු වීම හා ඉන්දීය ධීවර ආක්‍රමණය වැළැක්වීම සඳහා නාවික හමුදාව මගින් මුහුදේ ආරක්ෂාව තර කිරීමත් සමග මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාව බලා යන්නට සූදානම්ව නිවාස දෙකක සැඟවී සිටි පිරිසක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන හලාවත පොලිසියට බාර දී ඇති බව හළාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
හලාවත හා ඉරණවිල ප්‍රදේශයන්හි නිවාස දෙකක සැඟවී සිටි මෙම පිරිස පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් ලත් තොරතුරු අනුව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හොර රහසේ මුහුදු මගින් ඔස්ට්‍රේලියාවට පැන යෑමට සිටි පුද්ගලයින් 29ක් අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙම පුද්ගලයින් 29 දෙනාගෙන් 14 දෙනෙක් ඊයේ ( 14) දිනයේ ද අනෙක් 29 දෙනා අද (14) දින අළුයම දී ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස මුලතිව්, යාපනය, මඩකලපුව, හා වැල්ලවාය ප්‍රදේශවල පදිංචිකරුවන් බව හලාවත පොලිසිය කියයි.
පවතින දැඩි ආරක්ෂක විධි තරමක් ලිහිල් වූ වහාම ඔස්ට්‍රේලියාව බලා යෑමේ අභිලාෂයෙන් මේ පිරිස සැඟව සිට ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.