ඉන්දියාවෙන් එන යූරියා විස වුනොත් කරන දේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි!

ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන යූරියා පොහොර තොගය ඉන්දීය ප්‍රමිතියට අනුව ඉන්දියාව ඕමානයෙන් ආනයනය කරන පොහොර තොගයෙන් කොටසක් බැවින් එය ලංකාවේ යූරියා සම්බන්ධ ප්‍රමිතියට වෙනස් වීමට ඉඩ ඇති බවත් තවම නිශ්ඡිත වශයෙන් කිව නොහැකි එම කාරණාව තහවුරු කරගත හැක්කේ ජාත්‍යාන්තරව පිළිගත් පරීක්ෂණයකින් බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ලංකාවට ඉන්දීය ආධාර යටතේ ලැබෙන පොහොර වගාවට නොගැලපෙන්නේ යැයි සමාජය තුළ මතුව ඇති අදහස පිළිබඳ ආචාර්ය අජන්ත ද සිල්වාගෙන් ලංකාසර කළ විමසීමට පිලිතුරු දෙමිනි.

එහිදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ ඉන්දියාවෙන් ණය ආධාර යටතේ ලැබෙන්නට නියමිත යූරියා සම්බන්ධව මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වශයෙන් අප සාකච්ඡා වට කීපයක් පවත්වලා තියනවා.


පොහොර ආනයනයේ දී ලංකාවට උචිත පොහොර ගෙන එන්න පොහොර විධි විධාන පනත යටතේ නිගමනය කිරීමේ අයිතිය තියෙන්නෙ කෘෂිකර්ම බලධාරීන්ට. අපි අපේ නියාමනයන් සලකා බලමින් ලංකාවට යූරියා ගෙන එන්නේ නම් 2014 වසරේ අනුමත වූ ප්‍රමිතිය පරිදි යූරියා වල බයුරේට් අනුපාතය සියයට එකක් විය යුතුයි. මේ ආකාරයේ බියුරේට් සියයට 1ක් සහිත පොහොර ගෙන්වන්න නම් අපි ශ්‍රී ලංකා රජය වශයෙන් අදාල ආයතනය සහිත රටට මුදල් ගෙවිය යුතුයි. ඇත්තම කාරණාව දැන් අපිට මුදල් නෑ.

මේ අවස්ථාවෙ පොහොර ආනයනය සඳහා අපට ණය ආධාර දෙන්නෙ ඉන්දියාවෙන්. ඉන්දියාව එක්සීම් බැංකුව හරහා දෙන ණය මුදල යොමු කරන්නෙ ඔවුන් පොහොර ගෙන්වන ඕමාන රටට. ඕමානයෙන් පොහොර ඉල්ලුම් කරන්නේ ඉන්දියාව. එවිට ඕමානය පොහොර ලබා දෙන්නේ ඉන්දියාවේ නියාමන පනත අනුවයි. ඉන්දියාවට උචිත පරිදි යූරියා වල බයුරේට් සංයුතිය 1.5% ක් බව ඉන්දියාව පිළිගෙන තිබෙනවා.

එසේනම් අපට ලැබෙන්නේ ද 1.5% ක් බයුරේට් අඩංගු යූරියා ද යන්න තවමත් නිශ්චිත නෑ. එය නිශ්චිතව දැන ගත හැකි වන්නේ ජාත්‍යන්තර තත්ත්ව පරීක්ෂාවෙන් අනතුරුව ලැබෙන තත්ව සහතිකය මත යි. එම තත්ත්ව සහතිකයට අනුව ඒ යූරියා ශ්‍රී ලංකාවේ වී වගාවටට නුසුදුසු නම් එම පොහොර තොගය රට තුළට ගෙන ඒමට විරුද්ධ වීමේ අයිතියක් රජයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තියනවා.

අප හමුවේ තිබෙන්නෙ ප්‍රායෝගිකව උචිතම තීන්දුව ගැනීමේ අභියෝගය. ඉදිරි ජූලි මාසයේ ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත මෙම යූරියා තොගය පැළ ගොයමට හානි කර නම් සති හතර හය හත ඉක්මවූ පසු යෙදීමට අවසර ලබා දිය හැකියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමහර එළවළු සහ වෙනත් පැගිරි බෝග සඳහා එම යූරියා නුසුදුසු බවට මතයක් පැවැතිය ද තත්ව පරීක්ෂණ සහතිකය ලැබෙන තෙක් ඒ පිළිබඳව නිශ්චිතව නිගමනයක් කරන්න බෑ.“

Exit mobile version