ඉන්දියානු හා ලංකා ධීවරයන් එක්ව කළ මිනිස් ජාවාරමක් හෙළිවේ

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් හා මන්නාරමේ ධීවරයින් එක්ව මහා පරිමාණයෙන් සිදු කරණ මිනිස් ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළි කර ගැනීමට මන්නාරම මඩු පොලීසිය 6 දා සමත් වී තිබේ.

ඉන්දියාවේ සිට පියකු හා දැරියක මන්නාරම ප්‍රදේශයට රැගෙන ඒමෙන් පසුව ඒ පිළිබදව පොලීසිය කල පරීක්ෂණයකින් අනතුරුව පුද්ගලයින් හය  දෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම තොරතුරු හෙළි වී තිබේ.

ඉන්දියාවේ සිටින  ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් ඉන්දියාව පුරා පැතිර යන කොරෝනා වසංගතයට ඇති බිය නිසා කෙසේ හෝ ශ්‍රී ලංකාවට පැන ගැනීමට උත්සහ දරණ නිසා ඉන්දීය ධීවරයින් හා මන්නාරමේ ධීවරයින් එක්ව ඉන්දියාවේ සිටින පිරිස් බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ ජාවාරමක් ආරම්භ කොට තිබේ.


ඔවුන් මේ සදහා එක් අයෙකුගෙන් ඉන්දීය රුපියල් 30000 ත් 50000 ත් අතර මුදලක් අය කරණ අතර  එසේ මුදල් ලබා දී ඉන්දියාවේ සිට මන්නාරමට පැමිණි පියකු හා දියණියක පොලිස් අත් අඩංගුවට පත්වුණි.

මේ පිළිබදව  මන්නාරම මඩු පොලීසිය විසින් කරණ ලද විමර්ශනයකදී ඔවුන් පැමිණි බෝට්ටුව හා සැකකරුවන් හයදෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මඩු පොලීසිය මේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version