ඉන්දියානු ධීවර කොල්ලකරුවන්ට එරෙහිව උතුරේ හා දකුණේ ධීවරයෝ එක්ව වීදි බසිති…

දින 15ක් තුළ විසඳුම් දෙන්න.... නැතිනම් විරෝධය මීට වඩා ධරුණු වේවි... ධීවර සංගම් අනතුරු හඟවයි...

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් මුලතිව් මුහුදු සීමාව ආක්‍රමණය කිරීමට එරෙහිව උතුරේ හා දකුණේ ධීවර සංගම් එක්ව 15 දා මුලතිව් දිසාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදී.

මුලතිව් ධීවර සහයෝගීතා ව්‍යාපාරය එක්සත් ධීවර සංගමය ධීවර කාන්තා  සංගමය හා ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

විරෝධතාවයෙන් පසුව  මුලතිව් මුහුද ඉන්දීය ධීවරයින්ගෙන් බේරා ගැනීම සදහා රජය සමග සාකච්ඡා කොට වහාම වැඩ පිළිවෙලක් සකස් කරණ මෙන් ඉල්ලා විශේෂ ලිපියක් මුලතිව් දිසාපති කේ.කනකේස්වරන් මහතා වෙත බාර දෙන ලද අතර දින 15 ක් ඇතුළත විසදුම් නොලැබුණහොත් මීට වඩා දැඩි ක්‍රියා මාර්ගයක් ධීවර සමීති විසින් දියත් කරණ බවද එම ලිපියේ සදහන් කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් ධීවර සමීති හා ධීවරා සමුපකාර සමීති ප්‍රකාශ කරන්නේ මුලින්ම ඉන්දීය ටෝලර් යාත්‍රා 30 ක් පමණ මුලතිව් මුහුදු තීරයට පැමිණි නමුත් මේ වන විට එම ප්‍රමාණය 500 ත් 750 ත් අතර ප්‍රමාණයකට වැඩි වී ඇති බවයි.

Exit mobile version