ඉන්දියානු කහ කිලෝ 800ක් නිසා අනලතිවු දූපත වැසේ….39ක් නිරෝධානයට

Analathiw

අනලතිව් දූපතට සංචරණ සීමා දමා ඇති අයුරු

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ සිට අනවසරයෙන් වියලි කහ කිලෝ 800 ක් යාපනයේ අනලතිව් දූපතට රැගෙන ඒම නිසා එම දූපතට 10 දා සිට  තාවකාලිකව සංචරණ සීමා පැනවීමට  බලධාරීන් තීරණය කොට තිබේ.

වියළි කහ රැගෙන එන ලද පුද්ගලයින් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර එම දූපතේදී ඔවුන් සමග සබදකම් පැවැත්වූ පුද්ගලයින් 39 දෙනෙකු නිරෝධායනය කිරීමටද පියවර ගෙන තිබේ. 

සැකකරුවන් තුන් දෙනා කයිටිස් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව දින දාහතරක කාලයක්  නිරෝධායන  මධ්‍යස්ථානයක රදවා තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පුද්ගලයින් තුන් දෙනා ඉන්දීය ජාතිකයින් සමග  සෘජුවම සබදකම් පවත්වා ඇති නිසා අනලතිව් දූපතට තාවකාලිකව සංචරණ සීමා පනවා ඇති අතර නාවික හමුදාව පොලීසිය හා සෞඛ්‍ය බලධාරීන් එම දූපතේ නිරීක්ෂණ කටයුතු වල නිරතව සිටිති.

Exit mobile version