ඉදිරි පැය 24 තුළ සුළි කුණාටුවක්?… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි…

තුෂාරී කළුබෝවල –

උතුරු, නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත ධීවරයින් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ප්‍රදේශයකට හෝ යාත්‍රා කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 48 ඇතුළත සුළි කුණාටුවක් දක්වා වර්ධනය වියහැකි බවත්, උතුර හා නැගෙනහිර මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බවත් පවසන කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ක් 3ක් පමණ ඉහළ යාහැකි බවට ද අනතුරු අඟවයි.

එසේ ම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 – 70 පමණ වන අතර පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකළපුව හරහා පොතුවිල් මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බව ද අවධාරණය කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුර, උතුරු මැද ප්‍රදේශ රැසක මිලි මීටර් 150 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවට ද අනතුරු ඇඟවේ.
මේ වන විට වායු පීඩන කලාපය දිවයිනට ඊසානදිග වෙරළ බඩ ප්‍රදේශය වෙත ළඟා වෙමින් පවතී.

Exit mobile version