ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වේවි කියලා මම හිතන්නෙ නෑ… බැසිල් ගුවන්තොටුපලේ දී කියයි!

Rajapaksha

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන්  රාජපක්ෂවරයෙක් ඉදිරිපත්වනු ඇතැයි තමන් නොසිතන බව  බැසිල් රාජපක්ෂ අද (05) පැවසුවේය.

සිය රට සිට පැමිණ ගුවන්තොටුපලින් දිවයිනට ඇතුළුවෙමින් මාධ්‍ය ඉදිරියේ ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපතිවරයාට සහය දෙනවා ද පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා ද යන්න පිළිබඳව තීන්දුව තමන්ද ප්‍රමුඛ පක්ෂයේ සාමාජිකත්වයෙන් මෙන්ම නායකවරයාගෙන් ද විමසා ඉදිරි දින කීපය තුළ ප්‍රකාශ කරන බවය. කෙසේ වෙතත් පොහොට්ටුවේ සහාය නොමැතිව කිසිවෙකුට ආණ්ඩුව පාර්ශවයෙන් ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් විය නොහැකි බව ද බැසිල් කීවේය.

ඉදිරි මැතිවරණ කටයුතු සංවිධානය කිරීමේ වගකීම තමන් දරන බවත්  මාස කීපයක් දරුවන් සමග ගත කර තමන් යළි පැමිණියේ  වඩාත් ශක්තිමත්ව බවත්  කී බැසිල් රාජපක්ෂ වෙනස් කළ යුතු තැන් වෙනස් කරමින් වැරදි නිවැරදි කරගනිමින් ඉදිරි ගමනක් යන බව  පැවසුවේය.

“අපි කවදාවත් ජනතාව රවට්ටලා නෑ. නමුත් සමහර තැන්වලදි  අප කියපු දේ ජනතාව  පිළිගත්තේ නෑ. ජනතාව කියන දේ අපි පිළිගත්තේ නැති තැනුත් තිබුණා. ඒවා නිවැරදි කරන් යන්න ඕන.” ඔහු කිවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම අවස්ථාව දෙරණ පුවත් සේවය වාර්තා කර තිබුනේ මෙසේය.

Exit mobile version