ඉදිරියේදී ආණ්ඩුව එක්ක වැඩ කරද්දී අත කෙලින්

නව ආණ්ඩුවේ ඇමති තනතුරු ලබාදීම, ජාතික ලැයිස්තුව සඳහා මන්ත්‍රීවරයකු නම් කිරීම ඇතුළු කරුණු ගණනාවක් ප්‍රශ්න සහගත බැවින් ආණ්ඩුව සමග කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කරගෙන ඉදිරියේ දී ක්‍රියා කළයුතු බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී 20 වෙනිදා රාත්‍රී තීරණය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අහෝසි කර 20 වෙනි සංශෝධනය ගෙන ඒමේ දී ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද අදහස් ලබාගෙන වෙනම යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළේය.

ඒ අනුව ඉතා කෙටි කාලයකින් 20 වෙනි සංශෝධනයට අදාළ යෝජනා සැකසීම සඳහා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් කමිටුවක් පත්කර ගැනීමටද මෙහිදී තීරණය කර තිබේ.


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සන්ධ්‍යාවේ රැස් වූ මධ්‍යම කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණවලට තනි පක්ෂයක් ලෙස තරග කළයුතු බවට ද මෙහි දී යෝජනා ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කොට තීරණය ගතයුතු බවත් පක්ෂයේ ඡන්ද පදනම වැඩිකර ගැනීමේ ක්‍රමවේදයක් වහා ක්‍රියාත්මක කළයුතු බවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් ව තිබේ.

Exit mobile version