ඉදිරියටත් පැය 12ක් විදුලිය කපන්නේ නෑ

Electricity

කවුරුන් කෙසේ පැවසුව ද ඉදිරි සතිවල පැය දහයක දොළහක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ගෙවුණු දෙදින තුළ පැය පහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදු වූයේ ඉන්ධනවලින් ධාවනය වෙන විදුලි බලාගාර එකක්වත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නිසා බවත් එහෙත් සොබාදහමේ සහයෝගය සමඟ හැකි උපරිමයෙන් විදුලිය ලබා දීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.

ලැබුණු වැසි සමඟින් ජල විදුලිය සියයට 45ක ප්‍රමාණයකුත් සුළං හා කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ආධාරයෙන් සියයට 15ක ප්‍රමාණයකුත් වශයෙන් විදුලිය සීයට 60ක් ලබා දීමට හැකි වූ බව ඔහු පැවසීය.


එලෙසම වෙසක් පෝදා දින විදුලිය කප්පාදු කිරීමක් සිදු නොවන බව ද සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදී.

මේ වෙද්දී බොරතෙල් නැවක් ඇවිත් තිබුණත් තවම ඒකට අවශ්‍ය මුදල් ගෙවලා නෑ.. ඉදිරියේදී ඊට අවශ්‍ය මුදල් ගෙව්වම බලාගාරවලටත් ඩීසල් ඇතුලු ඉන්ධන ලැබෙනවා. ඒ වගේම ගල් අඟුරු බලාගාරයේ අලුත්වැඩියාවක් නිසා මේ වේද්දී අකර්මණ්‍යව තිබුණත් මැයි 22 23 පමණ වෙන විට එයින් ද විදුලි උත්පාදන කටයුතු සිදු වේවි… ඉදිරියේදී අධික වැසි ලැබෙන නිසා ජල විදුලියෙන් සීයට 60ක ප්‍රමාණයක් අපිට උත්පාදනය කර ගන්න පුළුවන්.. ඒ නිසා පැය දහයක දොළහක විදුලි කප්පාදුවක් ගැන ජනතාව අනියත බියක් ඇති කර ගන්න අවශ්‍ය නෑ..

මේ වෙද්දී විදුලි බල මණ්ඩලය අමාත්‍යංශය හා මහ බැංකුව එක්ව හැකි උපරිමයෙන් විදුලි ලබා දෙන්න කටයුතු කරනවා…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version