ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක පලංචියක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියයයි….

ඉන්දියාවේ මුම්බායි හි බොරිවාලි ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක පලංචියක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් එක් පුද්ගලයෙකු බරපතල තත්වයේ පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එරට වෙලාවෙන් අද පස්වරු 12.58 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. ඉදි කරමින් පැවති ගොඩනැගිල්ල මහල් 24 කින් සමන්විත වන අතර 16 වන මහලේ පලංචියක් මෙලෙස  කඩා වැටී ඇත. ඉන් කම්කරුවන් 4 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර සිදුවීම වූ වහාම පොලීසිය සහ නිලධාරීන් පැමිණ ඔවුන් රෝහලක් වෙත ගෙන යෑමට කටයුතු කලත් තිදෙනෙකු මියගොස් ඇති බව සඳහන් වනවා. අනෙක් පුද්ගලයාගේ තත්වය ද බරපතල බව සඳහන්.

Exit mobile version