ඉතිහාසය වෙනස් කර ලෝක වෙළෙඳ බලය හසුරුවන්නට එන අප්‍රිකාවේ යකඩ ගැහැණිය

එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා

චතුර රුවන් වීරක්කොඩි –

ලෝක වෙළඳ සංවිධානයේ  අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ඒ යකඩ ගැහැණිය පත්වුණාය.
ඇය ආචාර්ය එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලාය.
නයිජීරියාවේ හිටපු මුදල් ඇමති වරිය ඇයය. ගැහැණියක් ලෝක වෙළෙඳ සංවිධානයේ මුල් පුටුවට  පත්වූ ලොව මුල්ම අවස්ථාව මෙයය. අප්‍රිකානු ජාතිකයෙක් මුල්ම වරට මෙවැනි තනතුරකට පත්වන්නේත් මේ අවස්ථාවේ දී ය.
ලෝක වෙළෙඳ සංවිධාන මූලස්ථානය
ඇය හා මුල් පුටුවට තරග කළේ තවත් කාන්තාවකි. ඇය යූ-මින්ග් – ගී ය. යූ-මින්-ගී දකුණු කොරියාවේ වර්තමාන මුදල් ඇමතිවරියය. ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජික රටවල් 164න් රටවල් 104ක්  ආචාර්ය එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා පත් කරගැනීමට ඡන්දය ලබා දුන්හ.
පසුගිය 28 දා ඇය මෙම තනතුරට පත්වන්නේ   ඉතිහාසයක් වෙනස් කරමිනි.  එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා  නයිජීරියාවේ ප්‍රථම වතාවට මුදල් අමාත්‍ය ධූරය ඉසලූ කාන්තාවය. ලෝක බැංකුවේ ආර්ථික විද්‍යාඥවරියක ලෙස වසර 25ක් සේවය ලබා දී ඇති අතර එහි සංවර්ධන හා ආර්ථික අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ පදවිය දක්වා උසස්වීම් ලැබුවාය.

කාන්තා සටන 

මීට පෙර ලෝක වෙළඳ සංවිධානයේ (WTO) අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරමින් සිටියේ රොබර්ටෝ අසිවෙඩෝය. නමුත් ධූර කාලය නිමාවීමට වසරක් තිබියදී ඔහූ ධුරයෙන් ඉවත්ව ගියේය. එනිසා පුරප්පාඩු වූ නිලයට නැවත ප්‍රධානියෙක් පත්කර ගැනීම අපේක්ෂකයන් අට දෙනෙකු අතරින් ආරම්භ විය.
පසුගිය මාසයේ පැවැති ආරම්භක සැසිවාරයේ දී අපේක්ෂකයන් තුන්දෙනෙකු ඉවත්වූ අතර ඉතිරි වූ පස්දෙනා කෙන්යාවේ අමීනා මොහොමඩ්, එක්සත් රාජධානියේ ලියම් ෆොක්ස්, සෞදි අරාබියේ අල් තුවාජ්රි, නයිජීරියාවේ එන්කෝසි ඔකොන්ජෝ සහ දකුණු කොරියාවේ යූ-මියුන්ග්-හී ය.
 දෙවැනි සැසිවාරයේ දී එක්සත් රාජධානිය, සෞදි අරාබිය හා කෙන්යාව නියෝජනය කරන අපේක්ෂකයන් තිදෙනා ද  ඉවත්ව ගියේය.  නයිජීරියාව හා දකුණු කොරියාව නියෝජනය කරන අපේක්ෂිකාවන් දෙදෙනා තුන්වන හෙවත් අවසාන සැසිවාරය සඳහා සුදුසුකම් ලැබුවේය.
ඒ අනුව ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට කාන්තාවන් දෙදෙනෙක් තරග වැදි පළමු අවස්ථාව මෙය විය. ප්‍රථම වරට කාන්තාවක් ලෝක වෙළෙඳ සංවිධානය මෙහෙයවන අවස්ථාව උදා වුනේ එසේය.

එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා

එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා නයිජීරියාවේ හිටපු මුදල් අමාත්‍යවරියයි. නයිජීරියාවේ ප්‍රථම වතාවට මුදල් අමාත්‍ය ධූරය ඉසලූ කාන්තාව වන්නේද ඇයම‍ෙ. ලෝක බැංකුවේ ආර්ථික විද්‍යාඥවරියක ලෙස වසර 25ක් සේවය ලබා දී ඇති අතර එහි සංවර්ධන හා ආර්ථික අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ පදවිය දක්වා උසස්වීම් ලබා තිබේ.

යූ-මියුන්ග්-හී

දකුණු කොරියානු වෙළෙඳ ඇමතිනිය යූ-මියුන්ග්-හී
යූ-මියුන්ග්-ගී දකුණු කොරියාවේ වර්තමාන වෙළඳ අමාත්‍යවරියයි. කොරියාවේ එම ධූරයට පත් පළමු කාන්තාවද ඇය වේ. 1992 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඇය ලොව ප්‍රබල දේශපාලකයන් සමඟ කටයුතු කරන්නට ලැබීමෙන් බොහෝ පන්නරයක් ලබා තිබේ. ලොව බලවත්ම රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ඇති කරගනිමින් ඇය දක්වා ඇති දක්ෂකම් මෙහිදී ප්‍රශංසාවට ලක්වේ.
 න යූ-මියුන්ග්-හී  53වන වියේ පසුවුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් පිරිමින් කර හැර ගිය ලෝක වෙළෙඳ හැසිරවීමේ ආධිපත්‍යය දැන් පෞරුෂවත් ගැහැණියකට ලැබී ඇත්තේය. ඇය මේ අසීරු අවධිය කලමණාකරණය කරන අයුරු ලොවම බලා සිටින්නේය.

Exit mobile version