ඉතිහාසයේ පළමු වරට සෞඛ්‍ය ලේකම්වරයාගෙන්ම අණවුමක්… එන්නත් මිලියන 1.4ක් ඇණවුම් කරලා…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉතිහාසයේ පළමු වරට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා  තමන් විසින්ම වෛද්‍ය සැපයුම් අංශයෙන් සයිනොෆාම් එන්නතේ මාත්‍රා මිලියන 1.4ක් ඇණවුම් කර ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය ලේකම්වරයා මෙම මිලදී ගැනීම සඳහා ඇණවුම සිදුකර ඇත්තේ පසුගිය මැයි මාසයේය.
සාමාන්‍යයෙන් සෞඛ්‍ය ලේකම් වරයෙක් එවැනි මිලදී ගැනීම් සඳහා මෙතෙක් ඍජුව මැදිහත් වී නැති බවත්, මෙම එන්නත් මාත්‍රාවක් මිලදී ගෙන ඇත්තේ ඩොලර් 15ක මිලකට බවත් වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

මේ පිළිබඳව කළ විමසීමක දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ පැවසුවේ හදිසි තත්වයක් උඩ කෙරෙන මිල දී ගැනීම් සඳහා සෞඛ්‍ය ලේකම්වරයාට මැදිහත් විය හැකි බවත් ලෝකයේ බොහෝ රටවල එවැනි ආදර්ශ පවතින බවත්ය.

Exit mobile version