ඉටුකම කොවිඩ් අරමුදලේ බිලියන 1.6 ක් හෙල්ලිලාවත් නෑ

මෙරට කොවිඩ් වසංගතය මැඬලීම උදෙසා පරිත්‍යාගීලීන්ගේ අරමුදල් රැස්කෙරෙන, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන, ‘ඉටුකම’ COVID-19 අරමුදලේ රු. බිලියන 1.6 ක් තවමත් භාවිතයට නොගෙන පවතින බව තොරතුරු දැන ගැනීමේ (RTI) ඉල්ලීමකින් හෙළි වූ බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය වසරේ මාර්තු 23 වන දින ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ආරම්භ කළ අතර එහි පළමු පරිත්‍යාගය සිදු කරනු ලැබුවේ ද එදිනය.

තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමකට ජනාධිපති ලේකම් කාර්යාලය දැක්වූ ප්‍රතිචාරය මගින් පවසා ඇත්තේ 2021 සැප්තැම්බර් 21 දින වන විට අරමුදලට පරිත්‍යාගශීලීන් වෙතින් බිලියන 1.8 කට අධික මුදලක් බැර කර තිබූ බවය.


එම අරමුදලින් මේ වසරේ සැප්තැම්බර් 21 වැනිදා දක්වා භාවිත කර ඇත්තේ රුපියල් මිලියන 189ක් වැනි මුදලක් බව ද එම වාර්තාවේ දැක්වේ.

ඉටුකම අරමුදලේ මුදල් බෙදාහැරි ආකාර පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සන්ඩේ ටයිම්ස් ඉල්ලා සිටි අතර එම තොරතුරුවලට අනුව PCR පරීක්ෂාව සඳහා රුපියල් මිලියන 42.6ක් වැය කර ඇති අතර රු. ‘උපදේශන වැඩසටහනක්’ සඳහා වැය කළ මුදල මිලියන 67.5 ක් බවයි. පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට සපයා ඇති ප්‍රවාහන පහසුකම් සඳහා තවත් රුපියල් මිලියන 38ක් වැය කර තිබේ.

අරමුදලෙන් දැනුවත් කිරීමේ ව්‍යාපාර සඳහා භාවිතා කරන ලද රුපියල් මිලියන 67.5 පිළිබඳ විස්තර කරමින් එම වාර්තාව පවසා ඇත්තේ ‘සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලද’ උපදේශන වැඩසටහනක් සඳහා එම මුදල් වැය කර ඇති බවත් එබැවින් එහි වැඩිදුර තොරතුරු නොමැති බවයි.

කෙසේවෙතත් අරමුදල විසින් ජාතික එන්නත් වැඩසටහන සඳහා නිකුත් කර ඇත්තේ රුපියල් මිලියන 41.5 කි.

මේ වසරේ මැයි 10 වෙනිදා ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉටුකම COVID-19 අරමුදලේ ශේෂය එන්නත් කිරීමේ වැඩසටහන සඳහා භාවිතා කිරීමට තීරණය කළ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ප්‍රකාශයේම සඳහන් වූයේ රු. අරමුදලෙන් ගිලන් රථ 10ක් සඳහා මිලියන 194ක් වැය වනු ඇති බවය. කෙසේ වෙතත්, RTI ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය කියා සිටියේ ගිලන් රථ මිලදී ගැනීම් සඳහා මුදල් නොගිය බවයි.

Exit mobile version