ඉකුත් වසර 05 තුළ අලි මිනිස් ගටුමෙන් මිනිස්සු 989ක් මැරිලා… අලි ඇතුණු 3946ක් මිය ගිහින්!

ඒ අවුරුදු 05ට අලිවැටවල් නඩත්තුවට නිලධාරින්ගේ  වැටුප්වලට දරා ඇති මුළු වියදම  රුපියල් බිලියන 1.16කි.

ලලිත් චාමින්ද –

අලිමිනිස් ගැටුම හේතුවෙන්   ඉකුත් වර්ෂ පහක කාලය තුලදි (2016 -2020)   මිනිසුන් 989 දෙනෙකු හා  ඇලි ඇතුන්  3646 දෙනෙකු  මියගොස් ඇති බැව්  අනාවරණය වි ඇත.

ජාතික විගණන කාර්යාලය මගින්  සිවිල් ආරක්ෂක දේපාර්තමේන්තුව  සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව සිදුකරනු ලැබු  වාර්ෂික  විගණන වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය වේ.

එමෙන්ම වන අලින්  පලවාහැරිම සඳහා  වාර්ෂිකව  රුපියල් මිලියන  427කට අධික වැටුප් හා දිමනා පිරිවැයක් දරා  සිවිල් ආරක්ෂක  භටයින්  845 දෙනෙකු යොදවා ගෙන තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

එහෙත්  වන අලින් පලවා හැරිම සඳහා  යොදවා ගනු ලැබු  භටයින්ට  ඒ සම්බන්දයෙන් විධිමත්  පුහුණුවක් ලබාදී නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට  ඇත. 


එමෙන්ම මෙම සෙබළුන්හට, නිසි පරිදි  අවශ්‍ය උපකරණ, ආයුධ හා අලිවෙඩි, ප්‍රමාණවත් පරිදි  සපයා නොතිබු බවද  විගණන වාර්තාවේ සඳහන් වේ. 

ඉකුත් වර්ෂ 10ක කාලය තුළදි  මෙරට අලි වැටවල් ඉදිකිරිම සඳහා  දරා ඇති මුළු ප්‍රාග්ධන වියදම  රුපියල් බිලියන  1.64කි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අලිවැටවල් නඩත්තු කිරීම සඳහා  සිවිල් ආරක්ෂක භටයින්  3,300ක් යොදවා ඇත. ඉකුත් වර්ෂ 05 ක කාලය තුළදි  අලිවැටවල් නඩත්තු කිරීම සඳහා නිලධාරින්ගේ  වැටුප් ඇතුළුව දරා ඇති මුළු වියදම  රුපියල් බිලියන 1.16කි.

Exit mobile version