“ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

විදුලිබල මණ්ඩලය කොටස් හයකට වෙන් කර  සාමාන්‍යාධිකාරීවරුන් 06 දෙනෙක් යටතට පත් කිරීමට සැලසුම් කර ඇති බවත් කවරෙක් විරුද්ධ වුවද  එම ප්‍රතිව්‍යුහගතකරණය අනිවාර්යයෙන්ම සිදුකරන බවත්  මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (27) සවස පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරය. මේ ආයතනය තුළ කිසිම ව්‍යුහාත්මක වෙනසක් කරගත නොහැකි වී ඇත්තේ විදුලි ඉංජිනේරුවරුන්ගේ  මාෆියාව නිසා බවත් ඊට යට වී ජනතාව වෙනුවෙන් කිසිම යහපත් පියවරක් ගත නොහැකි බවත් ඔහු කීවේය.

ඔහු මෙසේත් පැවසුවේය.

“ සී.ඊ.බී එක  ගැන කතා කරනකොට කතා කරන්නේ  මාෆියා එක ගැන.  සී.ඊ.බී.එක කියලා කියන්නෙ ගුස්මාන් වගේ.  ලෝකයේ ඉන්න ලොකුම මාෆියා කාරයා  වාගේ සීඊබී එක ගැන කතා කරනකොට  කතා කරන්නෙ. ඒකට හේතුව තමයි ඉංජිනේරුවරු හැසිරෙන ක්‍රමය. ඒ ක්‍රමය තියාගෙන මේක යන්න බෑ.


ඒ අය එක්ක කිසිම ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න අමාරුයි.  එහෙම කරන්න ගිය හැටියෙ ඒකට විරුද්ධ වෙනවා.  විරුද්ධ වෙන්නෙ තමන්ගෙ වෘත්තීය බලපරාක්‍රමය පෙන්වන්න. ඒක හරියන්නෙ නෑ. අපට වෙන්න ඕන මෙතන මේ ආයතනය රැකගෙන  සියලු මහජනතාවට අවශ්‍ය සේවාව ලබා දීම සඳහා  කාර්යක්ෂම කිරීම. “

විදුලිබල මණ්ඩලය  ආයතනය හයකට කඩනවා. එය පුද්ගලීකරණය කිරීමක් නොවෙයි.   කොටස් හයකට කඩලා    සාමාන්‍යාධිකාරීවරු හය දෙනෙක් යටතට එම ආයතන හය පත් කරනවා.  එසේ පත් වන්නේ රජයේ ඉංජිනේරුවරු.  ඔවුන් තමයි ඒ පරිපාලනය කරන්නේ.  එම ආයතන ලාභ ලබන ලෙස   පවත්වා ගැනීම සාමාන්‍යාධිකාරීවරයාගේ  ඍජු වගකීම.  “

මේ ප්‍රතිව්‍යුහගතකිරිම අනිවාර්යයෙන් කළ යුතුයි.  එහෙම නැතිව මූල්‍ය විනයක් පවත්වා ගන්න  බෑ. නැතිනම් වෙන්නෙ මේක  කළු කුහරයක් වගේ වෙන එක.    රුපියල්  බිලියන් සීය  අනූව දානවා.  ඒ මුදල කොහෙ යනව ද දනනෙ නෑ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කීවේය.

 

Exit mobile version