ඇෆ්ගනිස්ථානයට , ඉන්දියාවෙන් තිරිඟු ටොන් 10 000ක්!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආහාර අර්බුදයෙන් පෙළෙන ඇෆ්ගනිස්ථානයේ ජනතාව සඳහා තිරිඟු ටොන් 10000ක මානුෂීය ආහාර ආධාර සඳහා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WEP) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
අවබෝධතා ගිවිසුම මගින් ඉන්දියාව කැපවී ඇති මානුෂීය ආහාර ආධාරවල පස්වන වාරිකය ලෙසින් මෙම ආහාර තොගය චබහාර් වරාය හරහා නැව්ගත කිරීමට නියමිතය.
මෙම අවබෝධතා ගිවිසුමට බ්‍රහස්පතින්දා මුම්බායිහිදී අත්සන් කරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පාකිස්ථාන, ඇෆ්ගන්, ඉරාන අංශයේ සම ලේකම් ජේ.පී සිං සහ ඉන්දියාවේ ලෝක ආහාර වැඩසහටනේ නියෝජිත හා රටේ අධ්‍යක්ෂ එලිසබෙත් ෆෝරේ අතරය.
“ඇෆ්ගනිස්ථානයේ ජනතාවට ආහාර ආධාර ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට අපේ කෘතඥතාවය පළ කරනවා.. අවශ්‍යතා ඇති ඇෆ්ගනිස්ථාන ජනතාවට ඉන්දීය ආධාර ජීවනාලිය වී තිබෙනවා..” ෆෝරේ පවසා තිබේ.
පසුගිය වසරේ, ඉන්දියාවේ දායකත්වය යටතේ තිරිඟු ටොන් 40 000ක්, ඇෆ්ගනිස්ථානය පුරා ආහාර අනාරක්ෂිත පුද්ගලයින් මිලියන 23ක් සඳහා බෙදා හැරීමට WFP සහය ලබා දී තිබූ බව ‘ද ඉකොනොමික් ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Exit mobile version