ඇහැලියගොඩ කත රෝහලින් පැන්න හේතුව කියා හඬා වැටෙයි

රෑ දෙකක්ම කැළේ ඉඳලා

අයි.ඩී.එච් රෝහලින් පසුගිය 19 වැනිදා රාත්‍රියේ පැන ගිය කාන්තාව ඊයේ 21) රාත්‍රී ඇහැලියගොඩ වන ලැහැබක සැඟව සිටියදී සොයා ගත් අතර ඇය වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ ඇහැලියගොඩ හිඳුරංගල ප්‍රදේශයේ සිදු කළ සොදිසියකදී ඇය මේ අයුරින් සොයා ගෙන ඇති අතර රෝහලින් පැන යාමට හේතුව ලෙස ඇය හඬා වැටෙමින් ප්‍රකාශ කර ඇත්තේ යලිත් බන්ධනාගාරගත වීමට ඇති අසීරුව නිසා රෝහලින් පැන යාමට තීරණය කළ බවය.

පසුගිය 19 වැනදා රාත්‍රියේ රෝහලින් රහසිගතව පිටවීමෙන් පසුව ඇය තම කුඩා දරුවාද සමඟ ඇහැලියගොඩ යාය පහ පාරේ පිහිටි ඇය ජීවත් වූ නිවසට පැමිණ දරුවා එහි රඳවා මෙලෙස පැන ගොස් තිබුණි. ඇය බස් රථයක නැගී ගමන් ගමන් කළ බවටද තොරතුරු වාර්තා විය.

කෙසේ වුවද ඇහැලියගොඩ සිට කිලෝ මීටර 8කට පමණ එහා ගමක් වන හිදුරංගල ප්‍රෙද්ශයේ වන ලැහැබක රාත්‍රී දෙකක් ඇය ගත කර ඇති බව අනාවරණය වී ඇති අතර එම ප්‍රදේශයේ කුඩා වෙළෙඳසැල්වලින් වරින් වර විවිධ ආහාර පානද ලබා ගෙන ඇති බවට කෙරුණු හෙළි වී තිබේ.


මේ වනවිට ඇයගේ තොරතුරු සහ ප්‍රෙද්ශවාසීන් දැනුවත් කිරීම මත එලෙස ඇය ගමන් කළ වෙළෙඳසැල් හිමියන් නිරෝධායනට ලක් කිරීම පිළිබඳව සෞඛ්‍ය අංශ පියවර ගනිමින් සිටින අතර ඇය වැලිකන්ද කොවිඩ් රෝහල වෙත යැවීමට පියවර ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය පසුගිය ජූලි මාසයේ දී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත වී ඇති අතර කුරුවිට බන්ධනාගාර රැඳවුමේදී කොව්ඩ් ආසාදනය වී ඇති බවට සැලකෙයි.

Exit mobile version