ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව දෙන්න ඉන්දුනීසියාවේ සහය පතයි

කොවිඩ් සඳහා ලබා දුන් කොවිෂීල්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා දැනට පවතින හිඟය සපුරාලීමට ඉන්දුනීසියාවෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉල්ලා ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී මහාචාර්යවරයා පැවසුවේ පවතින අර්බුදය හමුවේ මෙම දෙවන මාත්‍රාව ලබා දීම සඳහා ගත යුතු සෑම උත්සාහයක්ම රජය ගන්නා බවත් ඒ අනුව ඉන්දුනීසියාව සමඟද මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.

අද දින සභාව කල් තැබීමේ විවාදයේ පිළිතුර කතාව කරමින් මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් සුබවාදී පිළිතුරක් අපේක්ෂාවෙන් පසුවන බවය.


මේ වනවිට පුද්ගලයන් 1,39,786කට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති බවද මහාචාර්ය ජයසුමන සඳහන් කලේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් නව ලක්ෂයකට ආසන්න පුද්ගලයන් ප්‍රමාණයකට ලබා දී ඇති අතර මේ වනවිට මෙරට ඉතිරිව අත්තේ එම එන්නතේ මාත්‍රා 356,000ක් පමණි. ඒ අනුව එන්නත් ලක්ෂ 6ක පමණ හිඟයක් දෙවන මාත්‍රාව සඳහා පවතින අතර මේ වනවිට ඉන්දියාවේ පවතින අර්බුදය හමුවේ මෙම එන්නත් සපයා ගැනිමේ දැඩි දුෂ්කරතාවක් නිර්මාණය වි ඇත.

Exit mobile version