ඇසළ පෙරහර මහජන සහභාගීත්වයෙන් පවත්වන්න….ජනපති උපදෙස් දෙයි…

මහජන සහභාගීත්වයෙන් වාර්ෂික ඇසළ පෙරහර පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ඊයේ (28)ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවක දී අදාල බලධාරීන්ට උපදෙස් දී තිබේ

නුවර දිස්ත්‍රික්කය තුළ එන්නත්කරණය කඩිනම් කළේ පෙරහර මහජනතාව වෙත විවෘත කිරීමේ අභිලාෂයෙන් බවද ජනාධිපතිවරයා පවසා ඇත.

පෙරහර ජනතාවට විවෘතවන බවත් සෑම දිනයකම ජන සහභාගීත්වයකින් පෙරහර පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව තවම නිශ්චිත තීරණයක් නැති බවත් පෙරහර සංවිධායක කමිටු ආරංචි මාර්ග පවසයි.


පෙරහර ආරම්භක දිනය සහ අවසන් දිනය අනිවාර්යයෙන්ම මහජනතාවට විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.

මේ වනවිට නුවර දිස්ත්‍රික්කය ආවරණය කරමින් ස්පුට්නික්, මොඩර්නා සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා හත් ලක්ෂ දහ අට දහසක් ලබා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙරහරට සහභාගීවන සියලුම ශිල්පීන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවත් එහි දෙවැනි මාත්‍රාවත් පෙරහර පැවැත්වීමට පෙර ලබා දීමට කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග තහවුරු කරයි.

Exit mobile version