බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇල්පිටිය ඡන්දයේ කතාව…

by editor
ඔක්තෝබර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (ඔක්තෝබර් 26 වැනිදා) අද පස්වරු 4:00ට අවසන් විය.  ඡන්ද විමසීම සාමකාමී අයුරින් පැවැත්වුණු අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 63%ක් විය.

ඒ අනුව, මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන තුළ ම ඡන්ද ගණනය කිරීම ආරම්භ වී තිබේ.  ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කළේ, අද රාත්‍රී 10:00න් පසු සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ය.

සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු මැතිවරණය මෙයයි.

පුංචි ඡන්දයක් ලෙස පැවැත්වුණ ද, මහ මැතිවරණ උණුසුම මැද පැවැත්වෙන මෙම ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල වැඩි අවධානයක් යොමු වී තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා එක් ස්වාධීන කණ්ඩායමක් සහ දේශපාලන පක්ෂ 8ක් තරග කරයි.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනසෙත පෙරමුණ, සමගි ජනබලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජාතික ජනතා පක්ෂය, දෙවන පෙරමුණ එම පක්ෂ අතරට අයත් ය.

ඡන්ද මධ්‍යස්ථාන 47කදී මේ වන විට ඡන්ද විමසීම පැවැත්විණි.

මෙම මැතිවරණයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 28 දෙනෙකු තොරා පත් කර ගැනීමට නියමිතය.

රටේ අනෙකුත් පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම්වලින් වෙන් ව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම වෙන ම පැවැත්වෙන්නේ ඇයි?

2018 වසරේදී හරස්වුණු තහනම් නියෝගය

අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ, ඒ වන විට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ හෙයිනි.

2018 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරග කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබ තිබිණි.

ඒ අනුව, 2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ, එම නඩුව අවසන් වන තුරු එම ඡන්දය පැවැත්වීම වළක්වාලමිනි.

2019 වර්ෂයේදී එම පෙත්සමේ අවසන් තීන්දුව ලබා දුන් අතර, එහිදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය පිළිගෙන නැවත මැතිවරණය පවත්වන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කරන ලදී.

2019 ඔක්තෝබර් 11 වන දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ අතර, ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේ ය.

‘නිල කාලය අවසන් නිසා මැතිවරණය පවත්වනවා’

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම රටේ අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණයට පෙර පැවැත්වීමට හේතුව කුමක්දැයි බීබීසී සිංහල සේවය මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු පැවසුවේ, එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් නිසා නියමිත කාලයට මැතිවරණය පවත්වන බව ය.

“නඩු තීන්දුව දුන්නයින් පසුව මැතිවරණය පවත්වලා දැන් ඒ නිල කාලය අවසන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි දැන් මැතිවරණය පවත්වන්නේ,” මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.

එහිදී අප විමසුවේ, අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණයට පෙර මෙය පවත්වන්නේ ඇයි ද යන්න ය. එයට කොමසාරිස් ජනරාල්වරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“ඒ මැතිවරණය ගිය අවුරුද්දෙ පවත්වන්න තිබුණේ. නමුත් ඒක කල් ගියා. ඒකට අපට කරන්න දෙයක් නෑ. දැන් මේ පළාත් පාලන ආයතනය පත්වෙලා අදාළ කාලය ගත වෙලා ඉවර නිසා තමයි මේ නිසි කාලයේදී මැතිවරණය පවත්වන්නේ,” ඔහු පැවසුවේ ය.

කල් දැමූ පළාත් පාලන මැතිවරණය – 2023

2023 පළාත් පාලන මැතිවරණය නොපවත්වා කල් දමන විටත් මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණය සඳහා රුපියල් මිලියන 131කට අධික මුදලක් වියදම් කර තිබිණි.

පළාත් පාලන මැතිවරණය පසුගිය වසරේ එනම්, 2023 මාර්තු 09 වන දින පැවැත්වීමට සූදානම් කර තිබූ අතර, තැපැල් ඡන්දය සලකුණු කිරීම පෙබරවාරි 22, 23, 24 සහ 28 දින දිනවල පැවැත්වීමට නියමිතව තිබිණි.

නමුත් එම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම නියමිත දිනයට සිදුකර ගැනීමට නොහැකි වූ නිසා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කළේ ය.

එම මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූ අතර, එයට විරුද්ධව නැවත පෙත්සම් ඉදිරිපත් විය.

කල් ගිය පළාත් පාලන මැතිවරණය, මහ මැතිවරණය අවසන් වීමෙන් පසු පැවැත්වීමට බලාපොරොත්තු වන බව මීට පෙර මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කරන ලදී.

2023 මාර්තු 19 වනදාට පසුව පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන් වීමත් සමග ම ඒවායේ පාලනය මහජන නියෝජිතයන්ගෙන් ගිලිහී විශේෂ කොමසාරිස්වරුන් අතට පත්විය.

ඒ අනුව, මහ නගර සභා 29ක බලය නාගරික කොමසාරිස්වරුන් යටතට පත්ව ඇති අතර නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක බලය එම ආයතනවල ලේකම්වරුන්ට පැවරී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැක්ඩොනල්ඩ්ස් ලංකාවේ මෙහෙයුම් නිල වශයෙන් නතර කළ බව ප්‍රකාශ කරයි!

Next Post

ඇල්පියට පුංචි චන්දය… මාලිමාවට විශිෂ්ඨ ජයක්…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.