ඇමෙරිකාව ශ්‍රී ලංකාව සමඟ එම්සීසී ගිවිසුම අතහරියි

ඇමෙරිකානු මිලේනියම් චැලේජන්ජ් කෝපරේෂන් ආයතනය ශ්‍රි ලංකාවට ලබා දීමට නියමිතව සිටි ඩොලර් මිලියන 489ක මූල්‍ය ප්‍රදාන ගිවිසුම අහෝසි කිරීමට තීරණය කර තිබේ. ඔවුන් මෙම තීරණය පසුගිය 15 වැනිදා ගෙන ඇති අතර ඊයේ (16) න නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රි ලංකා රජය විසින් මේ සම්බන්ධයෙන් දක්වන අඩු උනන්දුව හෙතුවෙන් එලෙස එම ගිවිසුමෙන් ඉවත් විමට කටයුතු කළ බව මිලේනියම් කෝපරේෂන් ආයතනය තම නිවේදනයෙන් දක්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ලංකාව වෙනුවෙන් අනුමත වී තිබූ මුළු මුදල වන ඇමෙරිකානු ඩොලර් බිලියන 89ක මුදල එය අවශ්‍යතා පවතින වෙනත් රටවල් කෙරෙහි ලබා දීමට ඔවුන් තීරණය කර ඇති බවද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සඳහන් කරයි.


Exit mobile version