ඇමෙරිකාව දුන් පළියට අපේ දරුවන්ට ෆයිසර් දෙන්න හදිසි විය යුතු නෑ!

ඇමෙරිකාව ළමයින්ට ලබා දුන් පළියට අපේ දරුවන්ටත් ෆයිසර් එන්නත හෝ මොඩර්නා එනන්ත ලබා දිය යුතු යයි තමන් විශ්වාස නොකරන බවත් මෙම එන්නත් නිපදවා ඇත්තේ මීට පෙර එන්නත් නිපදවීමේ දී භාවිත නොකළ ජානමය වශයෙන් වැඩි දියුණු කිරීමකින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛරසවේදය පිළිබඳ මහාචාර්ය තිස්ස විතාරණ  පවසයි.
සාමාන්‍යයෙන් එන්නතක් නිසි ලෙස අධ්‍යයනය කිරීමට වසර හතක පමණ කාලයක් දක්වා සායනික පරීක්ෂණ අදියර ගණනාවක් පසු කළ යුතු වුවද මෙම එන්නත් තවමත් නිර්මාණය කර වසර දෙකක්වත් නොමැති නිසා ඒවායින් අපේ ශරීරය තුළ ජානමය වශයෙන් සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව නිසි අධ්‍යයනයක් කිරීමට තරම් කාලයක් නැති බවත් එබැවින් තම පෞද්ගලික අදහස වන්නේ ඇමෙරිකාව ලබා දුන් පළියට අපි ෆයිසර් හෝ මොඩර්නා එන්නත් දරුවන්ට ලබා දීමට හදිසි විය යුතු නැති බවය.

තම අදහස වන්නේ වයිරස උපයෝගී කරගෙන නිදපවන ලද ඇස්ට්‍රාෙසනිකා, ස්පුට්නික් හො සයිනෝෆාම් වැනි එන්නත් දරුවන්ට ලබා දිම සුදුස බව යැයි මහාචාර්යවරයා සඳහන් කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ සම්මුඛ සාකච්ඡාවකට එලඹෙමිනි. .

“කොහොම වුණත් මොන එන්නතක් දුන්නත් මේක සාමූහිකව දෙන්නට කලින් අපි විවිධ ජනකොටස්වල කොටස් වශයෙන් දරුවන්ට එන්නත් කරල බලන්න ඕන . වයස අවුරුදු 12 නොව වයස අවුරුදු 05 වැඩි දරුවන්ටත් මෙම එන්නත දිය හැකියි.


දරුවන් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයකින් පසුව ඔවුන් සම්පූර්ණයෙන් එන්නත් කළ යුතුයි. පාසල්වලට දරුවන් යවනවා නම් ඒ අයට එන්නත් දිල නැතිනම් එක් අයකුවත් ආවොතින් සියල්ලන්ටම එය බෝ වනවා. ඔවුන් අනාරක්ෂිතයි.

කොහොම වුණත් ෆයිසර් මොඩර්නා අමෙරිකාවේ නිෂ්පාදනය කරපු නිසා එහෙ දෙනවා. මේවා mRNA ජාන පමණක් පාවිච්චි කරල හදන එන්නත්. අතීතයේ මෙම එන්නත් ක්‍රමය පාවිච්චි කරල නෑ. ජාන අපේ ශරීරයට ඇතුළු කරනවා නම් මේ ජාන වෙනම අපේ ජාන සමඟත් මිශ්‍ර වෙනවා. මොන වගේ වෙනස්වීම් ඇති වෙයිද කියල දන්නේ නෑ. නමුත් සයිනෝෆාම් , ඇස්ට්‍රාසෙනෙකා වගේම ස්පුට්නික් හදල තියෙන්නේ වයිරසක් උපයොගී කරගෙන . එය අපි දැනට තහවුරු කර තිබෙන තාක්ෂණයක්.

විද්‍යාව අනුව හරි දේ අතරේ  වැරදි දේත් සිද්ධ වෙලා තියෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හොඳට හිතට ගන්න මේ එන්නත් හදන සමාගම් ලාබ උපදවන ව්‍යාපාර. ඖෂධ වයාපාර දෙවනි වන්නේ ආයුධ වයාපාරයට පමණයි. මේ සමාගම් හදන එන්නත් අපේ රටේ අපේ ළමයින්ට පාවිච්චි කරනවා නම් නිසි පර්යේෂන කරල නිසි පියවර ගෙන ළමයින්ට දිය යුතුයි.

Exit mobile version