ඇමෙරිකාවේ සහාය ගන්න 2014 ආණ්ඩුව සී.අයි ඒ ඔත්තුකරුවකුට ඩොලර් මිලියන 6.5ක් දීලා !

කාටත් හොරෙන් රජයේ මුදල් ගිය හැටි වොල් ස්ට්‍රීට් වාර්තාවක් හෙළි කරයි 

ඉමාඩ් සුවේරි

ශ්‍රි ලංකා රජය 2014 වසරේදී ඇමෙරිකාව තුළ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට සහ ඇමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය තුළ බලපෑම් දිනා ගැනීම සඳහා සී.අයි.ඒ ඇමෙරිකානු ඔත්තු සේවයේ ඔත්තුකරුවකු ලෙස ක්‍රියා කළ ඇමෙරිකානු ව්‍යාපාරිකයකුට ශ්‍රි ලංකා මහ බැංකුව හරහා ඇමෙරිකානු ඩොලර් මිලිනය 6.5ක මුදලක් වියදම් කර ඇති බව “ද සන්ඩේ ටයිම්ස් පුවත්පත“ අද වාර්තා කළේය.

සුප්‍රකට වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙබ් අඩවිය උපුටා දක්වන පුවත්පත සඳහන් කර ඇත්තේ දැනට  මූල්‍ය වංචා චෝදනා මත ඇමෙරිකාවේ සිරගතව සිටින ඇමෙරිකානු ව්‍යාපාරිකයකු වන ඉමාඩ් සුවේරි නම් ව්‍යාපාරිකයාට මෙරට මහජන මුදල් අමාත්‍ය මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ලබා දී ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් මඟින් පළ කරන ලද ගවේෂණාත්මක වාර්තාවකදී අනාවරණය වී ඇති බවය.

වෝල් ස්ට්‍රීට් ජර්නල් හි ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන බයිරෝන් ටාවු  මේ බව තහවුරු කිරීමට සියලු වාර්තා ඉදිරිපත් කර ඇති අතර මෙම පුද්ගලයා බදු වංචා කිරීම, විදේශ බලපෑම් කිරීම සහ මැතිවරණ අරමුදල් සම්බන්ධ දූෂණ චෝදනාවලට වැරදිකරු ව දැනට වසර 12ක සිර දඬුවමක් විඳියි. වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කර ඇති ආකාරයට මෙම සිරදඬුවමට අදාළ වූ විදේශ බලපෑම් පිළිබඳ චෝදනාවේ දී ඔහු ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් මුදලට සිදු කර ඇති බලපෑම් ද ඇතුළත් වන බව සඳහන් වේ.


ඔහු ඇමෙරිකානු ඔත්තු සෙවා සපයන්නතු ලෙස කටයුතු කළ කාලයේ ඔහුට පවතින සමීප රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලින් වාසියක් ලබා ගැනීමේ අරමුණින් මෙසේ සිදු කර ඇති බව හෙළි ව ඇති අතර එරට නීතිය අනුව රාජ්‍ය තන්ත්‍රයට විදේශ රටක් සම්බන්ධයෙන් බලපෑම් කිරීම නීති විරෝධී ක්‍රියාවකි.

මේ සම්බන්ධයෙන් මීට කලින් වතාවක සන්ඩේ ටයිම්ස් පුවත්පතද කරුණු අනාවරණය කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සහ එරට රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් සඳහා උදව් ලබා ගැනීම ඇමෙරිකානු පුද්ගලයන්ට සහ මහජන සම්බන්ධතා අයතනවලට මුදල් ලබා දී ඇති බව ට වාර්තා වී ඇත. මෙම මුදල් ශ්‍රි ලංකා මහ බැංකුව හරහා මෙන්ම එවකට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රිවරයා ලෙස ක්‍රියා කළ  මන්ත්‍රිවරයාගේ  (එවකට විදේශ අමාත්‍ය අධික්ෂණ මන්ත්‍රිවරයා ලෙස කටයුතු කළේ සජින් ද වාස් ගුණවර්ධනයි ) කාර්යාලය හරහා එම මුදල් ගෙවා අති බව ඔවුන් ද වාර්තා කොට ඇත.

සන්ඩේ ටයිම්ස් එවකට තවදුරටත්  කර ඇත්තේ එවකට පැවති රජය පාර්ලිමේන්තුව සහ කැබිනට්ටුව මඟ හැර එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හරහා මෙම මුදල් ජුබේරි වෙත යවා ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මෙම මුදල්වලින් සියයට 85ක්ම ජුබේරි සහ ඔහු ගේ බිරිඳය පරිහරණයට ගෙන  ඇති බවටද ඔවුන් කරුණු හෙළිදරව් කර ඇති බව සඳහන් වෙයි. මෙම මුදල ඔහුටද ඔහුගේ නමින් ඇති සමාගමකටද යවා ඇති බව වාර්තා වේ.

Exit mobile version