ඇමෙරිකාව් මිනපොලිස් ප්රාන්ත පොලිස් නිලධාරීන් විසින් පසුගියදා කළු ජාතිකයකු අමානුෂික ලෙස ඝාතනය කිරීම හෙළා දකිමින් මහ විරෝධතා රැල්ලක් නිර්මාණය විය.
ජොර්ජ් ෆ්ලොයිඩ් නම් කලු ජාතික ඇමෙරිකානුවා ගේ මිය යාමත් සමඟ උත්සන්න වූ නවිරෝධතාවලට ඇමෙරිකාවේ දරුණු ලෙස පැතිරෙන වසංගතයවත් නවත්වන්නට හැකි වූයේ නැත.
එයද නොතකමින් රැල්ලක් සේ විහිද ගිය විරෝධතා පෙළ ඉදිරියේ ඇමෙරිකානු ජනතාවගෙන් සමාව ගන්නට එරට ප්රාන්ත සියලේලේම පොලිස් නිලධාරීන්ට සිදුවිය.
මේ දැන් ස්වල්ප මොහොතකට පෙර මයාමි හි පොලිස් නිලධාරීන් දණ නමා එරට ජනතාවගෙන් සිදුවූ වැරැද්දට සමාව අයැදූහ.
මේ මොහොතේ විරෝධතා මැද උද්වේගකර ලෙස සිටි ජනතාවගේද දෑස් කඳුලින් තෙත් වූ අතර විරෝධතා අවසන් වූ බව ප්රිටිෂ් නැන්ඩි නම් කලාකරුවා තම ටවිටර් ගිණුමේ සටහනක් තබා තිබුණි.