ඇමරිකාවේ ඉන්දු පැසිපික් ආර්ථික රාමුවට ඉන්දියාව බැහැ කියයි

ඉන්දීය රජය විසින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ ඉන්දු පැසිපික් ආර්ථික රාමුවට එක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව තමන් විසින් ස්වාධීන, කිසිඳු පාර්ශවකට පක්ෂ පාතීත්වයක් නොදක්වන ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කරන බවද ඉන්දීය රජය විසින් අවධාරණය කර තිබේ.

මෙහිදී තමන්ට ඇතිවන වාසි සහ අවාසි සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක් සිදුකරන බවත් ඉන් අනතුරුක තම ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු වල නිරත වන බවද ඉන්දියාව විසින් පෙන්වා දී ඇත.


ඇමරිකා එක්සත් ජනපදය යොජනා කළ ආර්ථික රාමුවට එක් නොවීම සම්බන්ධයෙන් ඉන්දීය බලධරීන් මාධ්‍යවෙත් පවසා ඇත්තේ, ‟එක්සත් ජනපදය විසින් යෝජනා කළ ආර්ථික රාමුවට එක්වීම ඉතා සූක්ෂමව විමසා බැලිය යුතු වෙනවා. ඉන්දියාව තමන්ගේ දෙපයින් නැගී සිටින රාජ්‍යක් ඒ අනුව කිසිම පාර්ශවයකට පක්ෂ පාතීත්වයක් නොදක්වා ස්වාධීනව කටයුතු කිරීමට පියවර ගන්නවා,” යනුවෙනි.

ඒ අනුව එක්සත් ජනපදය යෝජනා කළ ආර්ථික රාමුව පළමු රැස්වීම ලොස් ඇන්ජලීස් වල පැවති අතර එහිදී ඇමරිකානු නියෝජිත කැතරින් ටායි විසින් නිවේදනය කර සිටියේ මෙම ආර්ථික රාමුවට ඉන්දියාව එක් නොවන බවයි.

‟මමත් ඉන්දීය වාණිජ්‍ය අමාත්‍ය පියුෂ් ගොයාල් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා එහිදී අමාත්‍යවරයා විසින් එක්සත් ජනපදය යෝජනා කළ ආර්ථික රාමුවට එකඟතාවය පළ නොකළත් ඉදිරියේදී දෙරට අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අදාල කාරණා රැසක් සාකච්ඡා කළා” යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ඉන්දීය වාණිජ්‍ය අමාත්‍යවරවා පවසා ඇත්තේ අදාල ආර්ථික රාමුව ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි වූ කරුණු සැලකිල්ලට ගෙන රටට වාසි සහගත වන කරුණු වලට අවධානය යොමු කරණ බවයි.

Exit mobile version