ඇමරිකාවට ඉන්දියාව නැතිවම බැරි වෙයි

ඇමරිකාව සහ ඉන්දියාව අතර විශේෂ ද්වීපාර්ශීවය ආරක්ෂක සම්බන්ධතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් අවාදනය යොමුව ඇති බව ධවල මන්දිරියේ ඉන්දු පැසිපික් උපදේශක කර්ට් කැම්ප්බෙල් අනාවරණය කරයි.

ඒ අනුව 21 වන සියවසේ ඇමරිකා එක්සත් ජනපදයට වඩාත්ම වැදගත්ම ද්වීපාර්ශවීය සම්බන්ධතාව ඉන්දියාව සමඟ පවත්වන සම්බන්ධතාවය බවද කැම්ප්බෙල් පෙන්වාදී ඇත.

මම දන්නවා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර පවතින් සම්බන්ධතා දැඩි අභියෝගාත්මකයි කියන කාරණය. එහිදී වඩාත්ම වැදගත්වන්නේ අරමුණ සහගතව කටයුතු කිරීමයි. මම දකින විදිහට මෙම සියවසේ එක්සත් ජනපදයට වඩාත්ම වැදගත් පාර්ශවකරුවා වන්නේ ඉන්දියාවයි. යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

අපිට ඉතාම පැහැදිලි සහ විධිමත් අයතනිකමය වැඩසටහනක් ක්‍රියාත්මක කළයුතු වෙනවා. ඒ සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහය ලබා ගැනීමට සිදුවෙනවා. මෙහිදී දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරුකරගැනීම, ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගැනීමටත් ඉතාම වැදගත් වෙනවා. ලෙසද කැම්ප්බෙල් පෙන්වා දී ඇත.

මෙහිදී ඉන්දියාව විසින් රුසියාව සම්බන්ධනේ මධ්‍යස්ථ මතයක් දැරීම සම්බන්ධයෙන්ද ධවල මන්දිර උපදේශකවරයා අදහස් දකවා තිබේ. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ ඉන්දියානු නායකින් සමඟ ඇමරිකා එක්සත් ජනපදය පුද්ගලික මට්ටමින් සාකච්ඡා පැවත්වීම සිඳු කළයුතු බවයි.

ඉන්දියාවට අවශ්‍ය ආරක්ෂක සහය එක්සත් ජනපදයට අතිරේකව එරට මිත්‍ර පාර්ශවීය රාජ්‍යන් වන එක්සත් රාජධානිය, ප්‍රංශය, ඊශ්‍රායලයද ලබාදීමට සූදානමින් සිටින බවයි.


රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරිමත් සමඟ ලොව පුරා ඇති වූ රුසියානු විරෝධී මතයට ඉන්දියාව විසින් සහය දීමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීම පිළිබඳ ජාත්‍යන්තරව දැඩි අවාදානයක් යොමුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට අමතරව ඉන්දියාව විසින් රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර අවාදනය යොමු වුවද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යන් සමඟ මිත්‍රශ්‍රීලීව කටයුතු කිරීමට ඉන්දියාව සමත්විය.

Exit mobile version