ප්‍රසන්නගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය මුල්කොට අත්අඩංගුවට ගත් මහාචාර්ය ධම්මදින්න හිමියෝ ඇප මත නිදහස් වෙති…

කීර්ති ප්‍රනාන්දු –

මැයි  09 වැනිදා රාත්‍රියේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ නිවස ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියට අදාල චෝදනා හතක් යටතේ  අත්අඩංගුවට ගත්  කැලණිය විශ්වවිද්‍යාලයේ  නූතන භාෂා අංශයේ චීන භාෂාව පිළිබඳ මහාචාර්ය,  අලුතපොල  ගනේකන්ද පුරාණ රජමහා විහාරාධිපති,   පූජ්‍ය නැදලගමුවේ ධම්මදින නා හිමියන් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත    නිදහස් කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න අද (27) නියෝග කළේය.

මහාචාර්ය ධම්මදින්න හිමියන්  මේ නඩුවේ 27වන වගඋත්තරකරු ලෙස නම් කර උන්වහන්සේට    පොදු දේපල පනත යටතේත් චෝදනා ගොනු කර තිබුණත් අධිකරණය හමුවේ එය තහවුරු කරගැනීමට හැකිව නොතිබිණ.

අද උදෑසන 7ට පමණ නීතිඥ කණ්ඩායමක් සමග පොලිසියට ගොස් භාර වූ උන්වහන්සේ පුරා පැය හයක් ප්‍රශ්න කිරීමට ලක් කර තිබිණි.

සාමකාමී නිහඬ විරෝධතාවය…

නා හිමියන් උසාවියට ගෙන ඒමට පෙර සිට උසාවිය අසල සාමකාමී නිහඬ විරෝධතාවයක් පැවැත්වීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ. විශේෂ පොලිස් භට පරිසක් ද උසාවිය අසලට ගෙන්වා තිබිණි.


ඇප ලබා පැමිණි මහාචාර්ය ධම්මදින්න හිමියන් පැවසුවේ  රටේ ජනතාව වෙනුවෙන් විමුක්තිය ලබා දීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු වශයෙන් විද්වත් වෘත්තිකයන් ද සමග  තමන්වහන්සේ අරගලය  ආරම්භ කළේ වර්ෂ  1019 දී  බවය.

පවතින තත්ත්වයෙන් ජනතවා මුදවා ගැනීමට  ඉදිරිපත් වන අවස්ථාවේ දී වරප්‍රසාද, වරදාන ලබා දී   නම්මා ගත නොහැකි වනවිට දේශපාලකයින්ගේ ඊලඟ අවස්ථාව නඩු හබවලට පැටලවීම බවත් උන්වහන්සේ කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඡායාරූප – අමිල ජයවර්ධන –

Exit mobile version