ඇමති  තෙල් වෘත්තීය සමිති වර්ජනය ගැන සීඅයිඩී පරීක්ෂණයක් ඉල්ලයි..

2023 මාර්තු 28 වන දින කොලොන්නාව ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වූ සේවකයින් සහ පිටස්තර පුද්ගලයින් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය කාංචන විජේසේකර   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.

ඔහු මෙම ඉල්ලීම කරන්නේ වෘත්තීය සමිති නායකයින් 20 දෙනෙක් අනිවාර්ය නිවාඩු යවා ඔවුන්ට තෙල් ගබඩා පර්යන්තයට ඇතුළු වීමට නොහැකි සේ තහනමක් පැනවීමෙන් අනතුරුවය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ වූයේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව පුද්ගලීකරණය කිරීමට එරෙහිව විරෝධය පාමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමතිවරයා අද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සඳුදා ලබා ගත් කැබිනට් තීන්දුවට අනුව. සිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම්,   ආර්එම් පාර්ක්ස් ඇන්ඩ් සහ ෂෙල් සමාගම්   සමඟ CPC බෙදාහරින්නන් විසින් ක්‍රියාත්මක කරන ඉන්ධන පිරවුම්හල් 150 බැගින් ක්‍රියාත්මක කිරීමට සිල්ලර බලපත්‍ර ලබා දීම සඳහා නියමිත බවය.


Exit mobile version