ඇමති ටිරාන්ගේ නියෝගයට පොලිස් ලොක්කෙක් මූණටම බෑ කියයි!

Tiran Alles

කොළඹ නගරයේ කිසිදු විරෝධතාවක් මින් ඉදිරියට පැවැත්වීමට ඉඩ නොදිය යුතු බවටත් එලෙස පවත්වන විරෝධතා පොලිස් බලය භාවිත කරමින් වහා විසිරුවා දැමිය යුතු බවටත් මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය ටිරාන් අලස් විසින් කරන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිසියේ නිලධාරීන් සිය විරෝධය අමාත්‍යවරයාගේ මුහුණටම ප්‍රකාශ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

ඊයේ (15) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිය අමාත්‍යංශයේදී පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කැඳවා මෙම නියෝගය ලබා දුන් අවස්ථාවේ එයට එරෙහි වූ කොළඹ දිසා භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වන මාරපන මහතා නීත්‍යනුකූලව යම් විරෝධතාවක් හෝ රැළියක් සංවිධානය වන්නේ නම් එය වළක්වා ලීමට හැකියාවක් නොමැති බවට පවසා ඇති අතර එවැනි පියවරක් නෛතිකව ගත නොහැකි බව පවසමින් අමාත්‍යවරයාට සෘජුවම සිය විරෝධය පළ කළ බව මෙම ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන පරිදි එම සිද්ධිය මෙසේය.

බත්තරමුල්ලේ පිහිටි මහජන ආරකංෂතක අමාත්‍යංශයට ඊයේ (15) අමාත්‍යවරයා විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරක්න, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොළඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කැඳවා ඇත. ඔවුන්ට අමාත්‍ය ටිරාන් අලස් පවසා ඇත්තේ මින් ඉදිරියට කොළඹ නගරයේ කිසිදු විරෝධතාවකට ඉඩ නොදීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවය.


එහිදී මාරපන නැමති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය මතය පළ කරමින් නීත්‍යනුකූලව රැස්වන යම් පෙළපාලියක් හෝ රැළියක් එලෙස විසිරුවා හරින්නේ හෝ වළක්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර ඇති අතර අමාත්‍යවරයා ඔහුට පවසා ඇත්තේ තමන්ට එය සිදු කරන්නට නොහැකි නම් එතනින් ඉවත්වන ලෙසයි. එසේම එය ජනාධිතිවරයාගේ තීරණයක් බවටද අමාත්‍යවරයා පවසා ඇත.

මේ කතා බහ තරමක් උණුසුම් තත්ත්වයකට පත්ව ඇති අතර එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරීවරයා ජනාධිතිවරයා එවැනි නියෝගයක් කරන්නේ යයි තමන් විශ්වාස නොකරන බවත් ඒ ගැන විමසිය යුතු බවත් සඳහන් කරමින් යළි යළිත් අවධාරණය කර ඇත්තේ නීතියට පිටින් මෙම විරෝධතා මර්දනය කිරීමට පියවර ගැනීමන් රජයද අපහසුතාවකට පත්වය හැකි බව පෙන්වා දෙමිනි. ‍

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය උණුසුම් විම හේතුවෙන් රැස්විම අවසන් කිරීමට අමාත්‍යංශ නිලධාරීන්ට සිදුව ඇති බවද එම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

 

Exit mobile version