සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇප පිට පැමිණ යළිත් වරක් සභා ලේකම්වරියට පාට් දැමූ මතුගම ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ්!

by editor
ජනවාරි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීම සහ ඇයගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම සභාවේ සභාපති කසුන් මුණසිංහ ලේකම්වරිය වෙත අද දිනයේත් සිදුකළ බලපෑම් හේතුවෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර  තිබේ.

අද දිනයේදීත් ලේකම්වරියට සභාපතිවරයා කළ බලපෑම වීඩියෝ සාක්ෂි ද සහිතව   පොලිසියට පැමිණිලි කිරීමට ලේකම්වරිය කටයුතු කළා සැකකරු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැනුම් දුන්නේය.

රුපියල් කෝටි දෙදහසකට ආසන්න සංවර්ධන ව්‍යාපෘතියක් සම්බන්ධව ඇති වූ බහින්බස් වීමක් අවසානයේ දී පසුගිය 30 වැනිදා මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති සභා ලේකම්වරිය වෙත පහර දී තිබිණි.

මේසය මත තිබූ ලිපි ගොනු බර රඳවනයකින් කළ පහරදීමෙන් එම රඳවනය ලේකම්වරියගේ උරහිස  ප්‍රදේශයට වැදීම නිසා ඇය රෝහල්ගත වුන අතර සිද්ධිය සම්බන්ධව ඇය පොලිසියේ පැමිණිල්ලක් ද ගොනු කළාය.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ඒ අවස්ථාවේ සිට මතුගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් මුණසිංහ ආගිය අතක් සොයා ගත නොහැකි විය. මතුගම පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් මාධ්‍යයට පවසා සිටියේ  30 වැනිදා රාත්‍රියේ දී පොලිස් කණ්ඩායමක් සභාපතිවරයාගේ නිවස පරීක්ෂා කළ බවය.

එම අවස්ථාවේ දී ඔහු නිවසේ සිට නැත. ඉන් අනතුරුව 31 වැනිදා උදෑසනත් විශේෂ පොලිස් කණ්ඩායමක් මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සොයා මතුගම ප්‍රදේශයේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය. අනතුරුව ඔහු මතුගම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ඇතුළු පිරිවර කණ්ඩායමක් සමග පැමිණ පොලිසියට භාර වූයේය.

අනතුරුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  සභාපතිවරයා  ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය. ඇප මත නිදහස්ව පැමිණි මතුගම ප්‍රාදේශීය සභා සභාපති නැවත වරක් අද දිනයේ දී ලේකම්වරියට ප්‍රසිද්ධියේ බැණ වදිමින් ඇයගේ සේවයට බාධා කරන ආකාරය වීඩියෝ පටවල පටිගත වී තිබිණි.

මේ සිදුවීම සමග යළිත් අත් අඩංගුවට පත්වන මතුගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආපදා සහන විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව ජනතාව වෙත ගෙන යාමට නව ඩිජිටල් පද්ධතියක්!

Next Post

ජනපති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හමුවෙයි!

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.