ඇතුළු වීම තහනම්… මැද පෙරදිගට දින 13ක් රට වසයි…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජූලි මස 1 දා සිට 13 දින දක්වා කාලය තුළ මැදපෙරදිග සිට පැමිණෙන කිසිම ගුවන් මගියෙකුට රට තුළට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කියා සිටී.

ඒ අනුව මැදපෙරදිග රටවලින් ගුවන් මගීන් මෙරටට රැගෙන නොඑන ලෙස දෙස් විදෙස් ගුවන් සමාගම්වලට ද සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් දැනුම් දී ඇති බව එම අධිකාරිය පවසයි.

කොවිඩ් වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දුන් උපදෙස් පරිදි සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් මෙම තීන්දුව ගෙන තිබේ.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, සෞදි අරාබිය, ඕමානය හා කුවේට් යන රටවල සංචරණය කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු මගීන්ට මෙම තහනම පනවා ඇත.

Exit mobile version