දිනසේන රතුගමගේ –
කොළඹ ඇගලුම් කම්හලක සේවයට යන බව පවසා මුලතිව් සිට කොළඹට සම්බාහන සේවයේ නිරත වූ කාන්තාවක් සොයා ගිය ඇගේ සැමියා සම්බාහන මධ්‍යස්ථානය තුළදීම කාන්තාවට පහර දීම නිසා ඔහුව ඊයේ ( 20 ) පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.
මුලතිව් මුරුකණ්ඩි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක් මීට මාස දෙකකට පමණ ඉහතදී කොළඹට ගොස් ඇත්තේ ඇගලුම් කම්හලක සේවය කිරීමටය.
ඇය සමග සේවය කළ තවත් කාන්තාවන් කීප දෙනෙකු එම රැකියාවෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් කාලය ලැබෙන අවස්ථාවලදී කොළඹට ආසන්න ප්‍රදේශයක සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරමින් විටින් විට ගණිකා වෘත්තියේද යෙදී අමතර මුදලක් සොයා ගෙන තිබේ.
ඇඟලුම් කම්හලේ සේවය කරණ මුලතිව් ප්‍රදේශයේ වෙනත් කාන්තාවක් මේ ගැන මුලතිව් සිටින ස්වාමියාට තොරතුරු පැවසීමෙන් පසුව ස්වාමියා මුලතිව් සිට කොළඹට ගොස් ඇත්තේ තම බිරිද සම්බන්ධයෙන් කී කතාවේ සත්‍යතාවය දැන ගැනීමටය.
සිය බිරිද සොයා ගිය ඔහුට අවසානයේදි බිරිය හමු වී ඇත්තේ සම්බාහන මධ්‍යස්ථානයක දී ය.
ඇති වූ කෝපය මත ඔහු බිරියට දැඩි සේ පහර දෙන්නට වූයෙන් එම ස්ථානයේ සිටි පිරිසක් සැමියාට පහර දී තිබේ.
සැමියා විසින් බිරියට පහර දීම නිසා බිරියද, එතැන සිටි පිරිස පහර දීම නිසා සැමියාද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට සිටියදී බිරිදගේ පැමිණිල්ලක් මත පොලීසිය පැමිණ සැමියාව රෝහලේදීම අත් අඩංගුවට ගෙන ඇත.
සැමියාට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර සමියා බිරියගෙන් වෙන් වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස රෝහලේ සිට මුලතිව් ප්‍රදේශයේ නීතිඥවරයෙකුට දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.







