ඇගයීම් මධ්‍යස්ථානවලට යන්න ඉන්ධන නෑ…. ගාල්ලේ ගුරුවරු  පිළිතුරු ඇගයීමට පෙර උද්ඝෝෂණයක යෙදෙති…

උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට යාම සඳහා ඉන්ධන නැතැයි පවසමින්    ගාල්ලේ විදුහල් තුනක උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවල ගුරුවරු එකසිය පනහකට ආසන්න පිරිසක්   අද (18) උදේ ගාල්ල කොටුව සවුත්ලන්ඩ්ස් විදුහල අසළදි උද්ඝෝෂණයක් ඇරැඹුහ.

ඔවුන් කියා සිටියේ තමන්ට උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට  පැමිණිම සඳහා  ඉන්ධන නොමැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්වය තව දුරටත් පැවතුනහොත් තමන්ගේ රාජකාරිය නිසි ලෙස කරගන්නට නොහැකිව  සාමාන්‍ය පෙළ ප්‍රතිපල පමාවී අධ්‍යාපනයද අවුල් ජාලයක් වනු ඇති බවත්ය.

Exit mobile version