ආසාදිතයින් තව වැඩි විය හැකියි… අනිල් ජාසිංහ කියයි..

කන්දකාඩු ආසාදිතයන් ගණන දැනට 252 යි...

Anil-Jasingha

සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍යය අනිල් ජාසිංහ

ශ්‍රියානි විජේසිංහ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වෛරස් ආසාදිතයන් තව දුරටත් වාර්තා විය හැකි බව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

ඔහු මෙසේ ප්‍රකාශ කළේ අද (10) කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 196 දෙනෙකු හමු වීමත් සමගය. එම මධ්‍යස්ථානයෙන් ඊයේ (9) හමුවූ ආසාදිතයින් 56 දෙනා සමග මෙම සංඛ්‍යාව  252 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කන්දකාඩු මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍යවලට අබ්බැහිව පුනරුත්ථාපනය කරනු ලබන රැඳවියන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 338කගේ පීසීආර් පරික්ෂණ සිදුකර තිබේ. මේ වනවිට එහි ප්‍රතිපල ලැබී තිබෙන බවද පැවසේ.


පීසීආර් පරික්ෂණ තව දුරටත් සිදු කරන බවත් සමාජයට වෛරසයපැතිර යාම වැලැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවත් සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Exit mobile version