ආර්ථික ගැටලුව සැලකිය යුතු කාන්තාවන් පිරිසක් ලිංගික ශ්‍රමිකයන් කරලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

ආර්ථික ගැටලුවලට පිළිතුරු සොයා ගොස් ලිංගාශ්‍රිත රෝගියෙක් නොවන්න… ඖෂධ හිඟය බිහිසුණුයි… වෛද්‍ය අංශ කියයි…

රට තුළ පවතින් ආර්ථික  අර්බුධය හේතුවෙන් කාන්තාවන් බොහෝ දෙනෙකු   ලිංගික ශ්‍රමිකයින්  බවට පත්වීමේ අවදානමක්  මතුව ඇතැයි  තිබෙන බැවින් අනාරක්ෂිත ලිංගික කටයුතු වලින් ඈත් වන්නැයි එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි  ඉල්ලීමක් කරයි.

නොහදුණන පුද්ගලයින් සමග ආනාරක්ෂිතව ලිංගිකව හැසිරීමේදී  ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරු වීමට කාන්තාවකට සිදුවනු ඇති බවත් ඇය තවත් බොහෝ  පුද්ගලයින් ට රෝගයබෝකරන වාහකයෙක් බවට පත්විය හැකි බවත් ඇය පෙන්වාදේ.

නොදන්නා පුද්ගයින් සමග ලිංගිකව හැසිරෙන්නේ නම් කොන්ඩම් බාවිත කිරිීමට වග බලා ගන්නැයිද ඇය දැනුම් දී සිටියි.

විශේෂයෙන්ම කාන්තාවක් ලිංගාශ්‍රිත  රෝගයන්ට ගොදුරු වුවහොත් ජීවිත කාලය පුරාවට ඖෂධ ගැනීමට ඇයට   සිදුවන බවත් රටතුළ උද්ගතව ඇති අර්බුදකාරී අවස්ථාවන් වලදී උග්‍ර ඖෂධ හිගයක් පැවතීමට ඇයට ගැටලුකාරී තත්ත්වයක් වනු ඇති බවත්  විශේෂඥවරිය පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආර්ථික ගැටලුවලට පිලියම් සොයා ගොස් අවසානයේදී  ලිංගාශ්‍රිත  රෝගියෙකු බවට පත්නොවන්නැයි ඇය ඉල්ලීමක්ද කරයි.

Exit mobile version