ආර්ථිකය ශක්තිමත්ව තබා ගැනීමට රජය ප්‍රමාණවත් උත්සාහයක් ගන්නා බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය පවසයි.

The Union Minister for Finance and Corporate Affairs, Smt. Nirmala Sitharaman addressing a Press Conference, in New Delhi on June 28, 2021.

=

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපනයන වේගයේ දුර්වලවීම, විරැකියාවේ වැඩිවීම සේම චීනය අභිබවා යමින් ලෝකයේ වැඩිම ජනගහණයක් සහිත රට බවට පත් වීමත් සමඟින් රට පිළිබඳ දැක්ම අඳුරු වුව ද, එරට ආර්ථික ක්‍රියාකාරකම් මාර්තු මාසයේදී ඔරොත්තු දීමේ හැකියාවක් පැවතුණු බව ‘මනි කන්ට්‍රෝල් වෙබ් අඩවිය වාර්තා කරයි.
බ්ලූම්බර්ග් විසින් සම්පාදනය කරන ලද අධි සංඛ්‍යාත දර්ශක අටක කියවීම්වලට අනුව, පරිභෝජනය මත අය කරන ලද බදුවලින් එකතු කිරීම් ඉහළ යාමක් පෙන්නුම් කළ අතර එයින් කියවුණේ ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකය ඉදිරියට ගමන් කරන බවයි.
මෙම කියවීම් සටහන්ව තිබුණේ, මැයි මාසයේ පළමු වරට ඉන්දීය සංචිත බැංකුව, මෙතෙක් අනුපාත වැඩිවීම්වල පදනම් ලකුණු 250 ක බලපෑම තක්සේරු කිරීමට හා වර්ධනයට සහය වීම සඳහා පොලී අනුපාත අත්හිටුවීමේ පසුබිමකය. කෙසේ වෙතත්, සිල්ලර හා තොග මිල ලාභ, තවමත් ඉහළ ගිය මිල ගණන් මත ලිහිල් වී ඇත.
ඔපෙක් නිමැවුම් කප්පාදුව හා යුක්‍රේන රුසියානු යුද්ධය ආර්ථිකය සම්බන්ධ තීරණවලට හේතු වී තිබෙන නමුත් ආර්ථිකය ශක්තිමත්ව තබා ගැනීමට රජය ප්‍රමාණවත් උත්සාහයක් ගන්නා බව ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පසුගිය සතියේදී කියා සිටියාය.
නිෂ්පාදන භාණ්ඩ හා සේවා ක්‍රියාකාරකම් සඳහා ඇති ඉල්ලුමේ දුර්වලතාව ඉන්දියාවේ ආර්ථිකයේ වර්ධනයට බාධාවක් සිදු වීමට ඉඩ ඇති බව ද ඇය වැඩිදුරටත් පවසා තිබේ.

Exit mobile version