“ආර්ථිකය අඩපණ කර නොගෙන දවස් දාහතරේ රෝස්ටරේකට යන්න”

ආසාදන පාලන විශේෂඥවරයකුගෙන් උපදෙසක්

විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල

ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය නම් වහාම ක්‍රියාත්මක වන පරිදි දින 14ක සේවා මුරයක් සහිත සේවා චක්‍රයක් හදුන්වා දීම ඉතා වැදගත් බව මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳව සහ ආසාදන පාලනය පිළිබඳව විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ පැතිරෙන කොවිඩ් වසංගතයෙන් එදිනෙදා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නම් මෙම වෛරසයේ හැසිරීම් රටාවට අනුගතව වැඩ මුර සැලසුම් කළ යුතු බවය.

සාමාන්‍යයෙන් යමකුට එය ආසාදනය වුවහොත් එය පවතින දින ගණන සති දෙකක් පමණ වන හෙයින් එක් කණ්ඩායමක් රාජකාරියට සහභාගී වන අතරේ අනෙක් කණ්ඩායම සීමා සහිත සංචරණ ශාරීරික දුරස්භාවය ඇතුළු සෞඛ්‍ය නිර්ණායකවලට යටත්ව නිවසේ හෝ නවාතැනේ කටයුතු කිරීමත් වැඩකරන කණ්ඩායම දින 14කින් පසුව නිවසේ දින 14ක් ගත කිරීම හැකියාව ලැබෙන පරිදි මෙම වැඩමුර සංවිධානය කිරීම වඩාත් විද්‍යාත්මකව තර්කානුකූල පියවරත් බවට ඔහු යෝජනා කරයි.


“කර්මාන්ත ශාලාවක් වැනි මහා පරිමාණයෙන් කාර්ය මණ්ඩලය සහභාගී වන ආයතනයක් නම් සමස්ත සේවක කණ්ඩායම තුනකට බෙදා එක් කණ්ඩායමක් දින 14ක් රාජකාරී කර ඔවුන්ගේ නවාතැන්වල තවත් දින 14ක නිරෝධායනය කර නිවාසවලට යැවිය යුතුයි. ඒ අතරේ නිවාසවල සිටින කණ්ඩායම අලුත් දින 14ක සේවා මුරයකට යන ආකාරයට චක්‍රීයව එය සංවිධානය කළ හැකියි. ලොකු කර්මාන්ත ශාලාවල සේවකයන් අතර වේගයෙන් මෙය පැතිරීම එයින් බොහෝ දුරට පාලනය කර ගන්න පුළුවන්.“

කොවිඩ් වසංගතය පාලනය කිරීමට අදාල ක්‍රමවේද පිළිබඳව පසුගියදා ජනාධිපතිවරයා වෙත ඔහු විසින් යවන ලද ලිපියේ මෙම කරුණ පිළිබඳව අවධානයට යොමු කර තිබු අතර වෛද්‍ය කොතලාවල අවධාරණය කරන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ යන දෙකේම මෙම සේවා මුර ක්‍රමයට අනුගත වියයුතු බවය.

ඇතැම් පෞද්ගලික ආයතන මේ වනවිටත් මේ ක්‍රමයට අනුගතව සිටින අතර සෑම කෂේත්‍රයක්ම අඛණ්ඩවම සේවා සම්පාදනය සඳහා මෙම ක්‍රමය අනුගමනය කළ යුතු බවට ඔහු අවධානරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොහෝ අපනයන ඉලක්ක කර සිදු කරන කර්මාන්ත ශාලාවල පවා එවැනි සංවිධානාත්මක වැඩ මුර ක්‍රමයක් නොමැතිව සේවක සේවිකාවන් සහභාගී කර ගැනීමෙන් සීමාවකින් තොරව රෝගය ඔවුන් අතර පැතිරීම දැකිය හැකි බවත් මෙම ක්‍රමයෙන් ඒ තත්තවය පාලනය කළ හැකි වත් ඔහු සඳහන් කළේය.

Exit mobile version