ආරක්ෂක අංශ සාමාජික දෙපළට සහ පවුලේ අයට ඇමෙරිකාවෙන් තහනමක්

ශ්‍රී ලංකාවේ ආරක්ෂ අංශ සාමාජිකියන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හට ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය රටට ඇතුළු වීම තහනම් කර තිබේ.

ඒ අනුව හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වූ චන්දන හෙට්ටිආරච්චි සහ හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක හට මෙම තහනම පැනවීමට ඇමරිකා එක්සත් ජනපද රජය තීරණය කර ඇත.

මෙම ආරක්ෂක අංශ සමාජිකයින් විසින් මානව හිමිකම් කඩ කළ බවට සඳහන් කරමින් අදාල තීරණය ගෙන ඇති බව ඇමරිකානු රජය සඳහන් කරයි.


ඒ අනුව චන්දන හෙට්ටිආරච්චි හට 2008 සිට 2009 දක්වා වූ කාලය තුලදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධනේ එල්ලවී තිබෙන චෝදනා මත මෙම තහනම පනවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියා විසින් අදාල තරුණයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බවද ඇමරිකානු එක්සත් ජනපදය පෙන්වා දෙයි.

Exit mobile version