ආයෙත්නම් පාර්ලිමේන්තුවට එන්න අදහසක් නෑ… අධිකරණ ඇමති අලි සබ්රි කියයි!

තමන් යළිත් වරක්  පාර්ලිමේන්තුවට නම් නොයන බව අධිකරණ ඇමති අලිසබ්‍රි අද (12) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.

තමන්ගේ ප්‍රියතම ස්ථානය අධිකරණය බවත් ඊට සහාය දීම  බවත් ඇමතිවරයා පැවසීය.

ඇමතිවරයා එහිදී මෙසේත් කීවේය.


“අපට වැදගත්ම දේ වන්නේ මේ රටේ මහජනතාව. ඔවුන් හින්දා තමයි මේ වෘත්තිය තියෙන්නේ. ඔවුන් හින්දා තමයි විනිසුරුවරු විනිසුරු අසුන්වල ඉන්නේ. ඔවුන්ගේ අවසාන කැමැත්තට සියල්ල දෙවෙනියි.“

“මමත්  තවසැරයක් නම් පාර්ලිමේන්තුවට යන්නෙ නෑ. මගේ ප්‍රියතම ස්ථානය අධිකරණයට සහය දෙන එක. ඒ ගැන මා නිර්භයව කියනවා. “

“අපි දන්නවා ලංකාවේ නීති. සමහර නීති යාවත් කාලීන වෙලා නෑ අවුරුදු සීයකටවත්. ඒ සම්බන්ධව අපි දැඩිව කටයුතු කළ යුතු වෙනවා. අපි කමිටු තිස් ගණනක වාඩිවෙලා නීති හදනවා. “

“අද උදේ මම ක්‍රිකට් මැච් එකක් ගහලා   එෆ්බී පෝස්ට් එකක් දැම්ම. හවස බලනකොට ළමයෙක් කමෙන්ට් එක් දාලා කියනවා අපේ ඉඩම් නඩුවක් අහවල් අධිකරණයේ අවුරුදු විස්සක් තියනවා. සර්.. මේ ගැන මුකුත් කරන්න බැයි ද කියලා.“

“මහානායක හාමුදුරුවරු හම්බවෙන්න ගියාට පස්සේ අහනවා මහත්තයො , අපේ හාමුදුරුවරු හැමදාම උසාවි ගානෙ. බැයිද අපිට වෙනම උසාවියක් හදන්න නඩු විසඳන්න කියලා. “

“පොඩි ළමයි ගැන කතා කරනකොට මට කියනවා දරුවට අතවරය වෙනකොට අවුරුදු 15යි. දැන් තිස් අටයි. දැන් කසාද බඳින්නත් පහුවෙලා. තාම උසාවි යනවා කියලා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කොහෙ හරි අපට වැරදිලා තියනවා. බොරු කියලා වැඩක් නෑ. අපි කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න ඕන. කොතැන හරි අපට වැරදිලා තියනව ද කියල. “

 

Exit mobile version