සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයතනයක් පවත්වාගෙන යන්නේ සේවකයන් වෙනුවෙන් නොවෙයි… රට වෙනුවෙන්… ජනපති විදුලි සේවකයින්ට කියයි!

by editor
සැප්තැම්බර් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආයතන තිබෙන්නේ එහි සේවකයන් වෙනුවෙන් නොව රටත්, මහජනතාවත් වෙනුවෙන් බව සියලුදෙනා අවබෝධ කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (22) අවධාරණය කළේය.

කිසිම සේවක අයිතියක් කප්පාදු නොකර නව ආයතනික ව්‍යුහයක් හඳුන්වා දීමට දරන මේ උත්සාහය වඩා කාර්යක්ෂමව පාරිභෝගික ජනතාවගේ විදුලිය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම බව පැහැදිලි කළ ජනාධිපතිවරයා එය ඉටු කළ හැකිනම් රජයේ මෙන්ම විදුලි සේවකයාගේ ද ජයග්‍රහණය එය බව පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට අද (22) ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි.

විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ සඳහා පත් කරන ලද කමිටු සාමාජිකයන් සහ විදුලිබල ජනන ලංකා සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සැපයුම් සමාගම, විදුලිබල බෙදාහැරීම් ලංකා සමාගම, ජාතික පද්ධති මෙහෙයුම් සමාගම ඇතුළු අලුතින් ස්ථාපිත කරන ලද සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් නව පරිවර්තනයක් වෙනුවෙන් නව ආයතන පද්ධතියක් අත්‍යවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා පැරණි ව්‍යුහය තවදුරටත් ප්‍රමාණවත් නොවන බවත්, නව ව්‍යුහයක අවශ්‍යතාව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එහිදී දැනට දරන තනතුරු හෝ වැටුප් තල කිසිදු අයුරකින් පහළ නොයන සහ ඉහළට යාමට තිබු බාධා ඉවත් කෙරෙන අන්දමින් කටයුතු කිරීම, සියලු සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම, නව ආයතන ව්‍යුහය තුළ ලංකා විදුලිබල මණ්ඩලය ලෙස තිබූ සියලු අයිතිවාසිකම් තහවුරු කිරීම, නව ආයතන ව්‍යුහයට අන්තර්ග්‍රහණය වන විට ලංකා විදුලිබල මණ්ඩලය ලෙස විසඳිය යුතු ගැටලු විසඳා අවසන් කිරීම, බලශක්ති ස්වෛරිභාවය ආරක්ෂා කිරීම සහ පූර්ණ වශයෙන් රාජ්‍ය සමාගමක් බවට පත් කර ගැනීම යන මූලධර්ම ආරක්ෂා කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආයතන තිබෙන්නේ එහි සේවකයන් වෙනුවෙන් නොව රටත්, මහජනතාවත් වෙනුවෙන් බව සියලුදෙනා අවබෝධ කරගත යුතු බවද මෙහිදී පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක වඩා කාර්යක්ෂමව, අඛණ්ඩව සහ සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවගේ විදුලිබල අවශ්‍යතාව සපුරාලිය හැකි නම් එය රජයේ මෙන්ම සේවකයන්ගේද ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නේය.

කෙසේ වුවද, සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජය සෑම අවස්ථාවකම සූදානම් බවත්, ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිදු වන්නේ දීර්ඝකාලීනව පැවති ආයතන ව්‍යුහයක් නව ආයතන ව්‍යුහයකට පරිවර්තනය වීම පමණක් බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

මේ සිදුවන්නේ විකිණීමක්, රාජ්‍ය අයිතිය අත්හැරීමක්, බලශක්ති ස්වාධිපත්‍යය අත්හැරිමක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝකයේ සංවර්ධන මාවත මෙය බවද අවධාරණය කළේය.

නව ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මතුව ඇති ගැටලු සහ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, මෙම කටයුතුවලදී දක්වන දායකත්වය වෙනුවෙන් කමිටු සාමාජිකයන් වෙත ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කළේය.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, බලශක්ති අමාත්‍යාංශයේ ‍ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බල මණ්ඩලයේ සේවකයින් 22000ක් නව සමාගම් 04ට බැඳීමට කැමැත්ත පළ කර ලිපි දෙති!

Next Post

ජනපති මොනවා කළත් කමක් නෑ…. සෑහීමකට පත් විය හැකි විසඳුමක් නොලැබුනොත් ලබන බදාදා වර්ජනයක් අනිවාර්යයි… ලංවිම වෘත්තීය සමිති කියයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.