ආපන ශාලා නැවත අරින්න නම් ශරීර උෂ්ණත්ව මාපක ඉල්ලයි.

ආපනශාලාවන් හා මධ්‍යපරිමාණ හෝටල් නැවත විවෘත කිරීමට පෙර පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්ව මැන බැලීමට සදහා අවශ්‍ය උපකරණ ලබා දෙන්නැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් රජයෙන් ඉල්ලීමක්  කරයි.

රටතුළ පාලනය කර ඇති කොවිඩ් 19 වෛරසය නැවත ව්‍යාප්ත විය හැකි පහසුම ස්ථානයන් ආපනශාලාවන් වන බැවින් එම ස්ථානයන් විෂබීජහරණයකට ලක් කල යුතුවන අතර ඒ සඳහාද රජයේ අවධානය යොමු කරන්නැයි ඔහු ඉල්ලා සිටියි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් මාස දෙකකට අධික කාලයක් ආපනශාලා හා මධ්‍යපරිමාණ හෝටල් වසා දමා තිබීම හේතුවෙන් ආදායම මුළුමනින්ම ඇන හිට ඇති පසුබිමකදී  කොවිඩ් මර්දනය කිරිම සඳහා අවශ්‍ය කටයුතු තනිව සිදුකිරීමට හැකියාවක් නොමැති බව හෙතෙම පෙන්වාදේ.


 

Exit mobile version