ආනා කොල්ල කෑ කොල්ලකරුවන් අල්ලයි…

සී.අයි.ඩී නිලධාරියෙක් ලෙස පෙනී හිඳිමින්  හෝටල් කාමරයක් තුළ දී   ශ්‍රී   ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ආනා පුංචිහේවාගේ දෑතට මාංචු දමා කප්පම් මුදලක් ද රැගෙන සන්තකයේ තිබූ ඇපල් දුරකථනයක් ඇතුළු ලක්ෂ ගණනක වත්කම් කොල්ල කෑමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙක් බොරැල්ල සුසාන භූමිය අසල දී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආනා පුංචිහේවාගේ මිතුරෙක් මගින් හඳුනා ගත් මෙම පුද්ගලයින්ගෙන් අයෙක් ඔහු සමග හෝටල් කාමරයට ගොස් තිබුණු අතර ඔහු අපරාධ පිරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් ආනා පුංචිහේවාගේ දෑතට මාංචු දමා රුපියලක් ලක්ෂ දෙකක කප්පම් ගැනීමෙන් අනතුරුව ඔහු සතුව තිබූ රුපියල් තුන්ලක්ෂ පනස් දහසකට වැඩිය වටිනාකමක් ඇති ඇපල් දුරකථනය සහ රුපියල් අසූපන් දහසහසක් වටිනා ඇපල් අත් ඔරලෝසුව පැහැරගෙන තිබිණි.

මෙම කොල්ලය සිදුකර තිබුනේ  ඉකුත් පෙබරවාරි මස 15 වැනිදා ය.

කොල්ලයෙන් අනතුරුව ආනා පුංචිහේවා අමතා පැහැරගත් ජංගම දුරකථනය සහ අත් ඔරලෝසුව ලබා දීමට ලක්ෂ පහක මුදලක් ඉල්ලා පසුව එය ලක්ෂ දෙක හමාරක් තෙක් අඩු කර ඇත.


සිද්ධිය පිළිබඳ ආනා පුංචිහේවා විසින් ඊයේ බොරැල්ල පොලිසියේ පැමිණිල්ලක් කර තිබිණි. පොලිස් උපදෙස් මත මුදල් ලබා ගැනීම සඳහා බොරැල්ල කනත්ත අසලට පැමිණෙන ලෙස  දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version